කන්න කන්න ආස හිතෙන චොක්ලට් බ්‍රෙඩ් පුඩින්

චොක්ලට් ඩෙසර්ට් වලට කැමති ඔයාලට කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි චොක්ලට් බ්‍රෙඩ් පුඩින්.

අවශ්‍ය ද්‍රව්‍ය: පුඩින් සඳහා

  • දවසක් පරණ පාන් - 300g
  • ලුනු සහිත බටර් - 42g
  • සීනි - 150g
  • නැවුම් කිරි - 400ml
  • වැනිලා - තේ හැඳි 01
  • ලොකු බිත්තර - 03
  • චොක්ලට් චන්ක්ස් - 130g
  • විපින් ක්‍රීම් - 100ml
  • කොකෝවා පවුඩර් - 40g
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් ටොපින්

  • ඩාර්ක් චොක්ලට් චන්ක්ස් - 130g
  • විපින් ක්‍රීම් - 50ml
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටිකයි, සීනියි, කිරියි, කොකෝවා පවුඩර් ටිකයි, විපින් ක්‍රීම් ටිකයි එකට දාලා රත් කර ගන්න. මේ ටික ගොඩක් වෙලා රත් කරන්න ඕනේ නෑ. යන්තම් වටෙන් බුබුළු එනකන් රත් කලහම ඇති. රත් කර ගත්ත කිරි මිශ්‍රණය නිමෙන්න පැත්තකින් තියලා තියන්න.
  • කිරි ටික නිමෙනකන් පාන් ටික පොඩි කෑලි වලට කපා ගන්න. මේ පුඩින් එකට සාමන්යෙන් අර ගන්නේ දවසක් පරණ පාන්. දවසක් පරණ පාන් වේලිලා වගේ තියන හින්දා අපි දාන කිරි ටික හොඳට පාන් වලට උරා ගන්නවා. ඔයාලා ගත්ත පාන් වල තෙත ගතිය ටිකක් වැඩි නම් ඒ ටික විනාඩි කීපයක් ටෝස්ට් කරලා අර ගන්න.
  • කිරි මිශ්‍රණය නිමුනහම බිත්තර එකින් එක දදා හොඳට කලවම් කරන්න. බිත්තර එකතු කරන වෙලාවේදී කිරි ටික ලාවට රස්නේ තිබුනට කමක් නෑ. හැබැයි ගොඩක් රස්නේ තියෙද්දී බිත්තර දැම්මොත් එහෙම ඒ ටික කැටි ගැහිලා යයි.
  • ඊළගට ඔයාලා පුඩින් එක හදන බේකින් ට්‍රේ එකේ බටර් ටිකක් ගාලා ලෑස්ති කර ගන්න.
  • දැන් මේ බේකින් ට්‍රේ එකට කපා ගත්ත පාන් වලින් භාගයක් දා ගන්න. මේ පාන් වලට උඩින් හදා ගත්ත කිරි මිශ්‍රණයෙන් භාගයක් හැම තැනටම දා ගන්න. චොක්ලට් චන්ක්ස් වලින් භාගයක් එකතු කරන්න.
  • ඊළගට ඉතුරු පාන් ටික දාලා ඉතුරු කිරි මිශ්‍රණය දා ගන්න. කිරි මිශ්‍රණයේ පෙගුනු නැති පාන් කෑලි තිබ්බොත් එහෙම ඒ ටිකත් හොඳට කිරි වල පොගවා ගන්න. හැබැයි මේ පාන් කෑලි ටික ගොඩක් යටට තද කරන්න එපා.
  • අන්තිමට ඉතුරු චොක්ලට් කෑලි ටිකත් මේ පාන් ටික උඩින් දාලා පුඩින් එක විනාඩි 40-50 විතර 175C ක උෂ්ණත්වයක බේක් කර ගන්න. පුඩින් එක විනාඩි 30ක් විතර බේක් උනාට පස්සේ පුඩින් එක ඇලුමිනියම් ෆොඉල් එකකින් වහලා ඉතුරු ටික බේක් කරන්න. නැත්නම් එහෙම උඩම තියන පාන් කෑලි ටික කර වෙලා වැඩි වෙයි.
  • ඊළගට චොක්ලට් ටොපින් එක හදා ගන්න ඩාර්ක් චොක්ලට් ටික විපින් ක්‍රීම් ටිකත් එක්ක දිය කර ගන්න.
  • පුඩින් එක පොඩ්ඩක් නිමුනාට පස්සේ හදා ගත්ත චොක්ලට් ටොපින් ටික පුඩින් එක උඩින් හැම තැනටම දා ගන්න.
  • Bread Pudding
    Bread Pudding
    Bread Pudding
    Bread Pudding
    Bread Pudding
    Bread Pudding
    Bread Pudding

    Contact DailyLife.lk

    or drop an E-Mail to