චොක්ලට් බිස්කට් බාර්ස්

චොක්ලට් බිස්කට් බාර්ස් කියන්නේ නත්තල් කෑම මෙසේටත් හොඳට ගැලපෙන පොඩි අයත් ගොඩක්ම ආස කරන රෙසිපි ටිකක්. විනාඩි 20ක් වගේ හරිම පොඩි වෙලාවකින් මේ චොක්ලට් බිස්කට් බාර්ස් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි - 400g
  • බටර් - 100g
  • කොකෝවා පව්ඩර් - 60g
  • කුඩු කර ගත්ත මාරි බිස්කට් - 200g
  • කලර්ඩ් රයිස් ටිකක්

සාදන ක්‍රමය:

  • උකු කිරි ටිකයි, බටර් ටිකයි, කොකෝවා පව්ඩර් ටිකයි පෑන් එකකට දාලා හොඳට රත් කර ගන්න.
  • මේක හොඳට රත් වෙලා බුබුළු දාන්න පටන් ගන්නකොට ගින්දර අඩු කරලා මද ගින්දරේ විනාඩි 7-10ක් විතර දිගටම හැඳි ගාන ගමන් රත් කර ගන්න.
  • මේක ටිකක් ඝන වේගෙන එනකොට කුඩු කරගත්ත බිස්කට් ටික දාලා හොඳට කලවම් කරන්න.
  • බිස්කට් ටික හොඳට කලවම් උනාට පස්සේ පෑන් එක ලිපෙන් එලියට අරගෙන මේ ටික බේකින් පෑන් එකකට දාගන්න.
  • දැන් මේක බේකින් පෑන් එකේ මට්ටම් කරගෙන උඩින් කලර්ඩ් රයිස් ටිකක් ඉහ ගන්න.
  • ටිකක් වෙලා මේ විදිහටම නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.
Chocolate Biscuit Bars
Chocolate Biscuit Bars
Chocolate Biscuit Bars
Chocolate Biscuit Bars

Contact DailyLife.lk

or drop an E-Mail to