ආස නැද්ද මේ විදිහට බීට් රූට් කන්න

ඔයාලා බීට් රූට් නම් ඕනේ තරම් කාලා ඇති. හැබැයි බීට් දාපු කේක් එකක් මීට කලින් කාලා තියනවද?

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • බීට් - 60g
  • ලුනු රහිත බටර් - 115g
  • සීනි - 300g
  • බිත්තර - 02
  • වැනිලා - මේස හැඳි 01
  • පාන් පිටි - 300g
  • බේකින් සෝඩා - මේස හැඳි 01
  • ලුනු - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 02

අවශ්‍ය ද්‍රව්‍ය: ෆ්රෝස්ටින් එක සඳහා

  • ක්‍රීම් චීස් - 50g
  • බටර් - 20g
  • අයිසින් සීනි - 100g

සාදන ක්‍රමය:

  • මුලින්ම බීට් ටික පොඩි කෑලි වලට කපා ගෙන ඒ ටික හොඳට මෙලෙක් වෙනකන් ස්ටීම් කර ගන්න.
  • දැන් මේ ස්ටීම් කර ගත්ත බීට් ටික හොඳට පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න.
  • වෙනමම ටිකක් ලොකු බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට සොෆ්ට් වෙනකන් බීට් කරන්න.
  • බටර් ටික හොඳට බීට් උනාට පස්සේ බිත්තරත් එකින් එක දදා බීට් කරන්න.
  • දැන් වැනිලා ටිකත් දා ගන්න.
  • ඊළගට කලින් හදා ගත්ත බීට් ටික මේකට දා ගන්න.
  • දැන් පිටි ටිකයි, කොකෝවා පවුඩර් ටිකයි, ලුනුයි, බේකින් සෝඩා ටිකයි එකට දාලා කලවම් කරලා මේ ටික හලලා බටර් මිශ්‍රණයටම දා ගන්න. පිටි ටික දා ගත්තට පස්සේ පිටි ටික කලවම් වෙනකන් විතරක් යන්තම් බීට් කර ගන්න. පිටි දාලා ඕනෑවට වඩා වැඩිපුර බීට් කර ගත්තොත් එහෙම කේක් එක හයිය වෙයි.
  • දැන් මේ මිශ්‍රණය 33x 23x 4.5cm සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දාගෙන 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 20-25 විතර බේක් කර ගන්න. බේක් කර ගත්ත කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • ෆ්රෝස්ටින් එක හදා ගන්න, ක්‍රීම් චීස් ටිකයි, බටර් ටිකයි, අයිසින් සීනි ටිකයි එකට දාලා හොඳට සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් මේ හදා ගත්ත ෆ්රෝස්ටින් එකෙන් ඔයාලා කැමති විදිහකට කේක් එක සරසා ගන්න. ෆ්රෝස්ටින් එක දා ගත්තට පස්සේ ෆ්රෝස්ටින් එක සෙට් වෙකනකන් ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා අර ගන්න.
  • ෆ්රෝස්ටින් එක සෙට් උනාට පස්සේ කෑලි කපලා රස බලන්න.
  • Chocolate Beet Cake
    Chocolate Beet Cake
    Chocolate Beet Cake
    Chocolate Beet Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to