නිතරම කන කෙසෙල් වලින් චොක්ලට් බනානා බ්‍රෙඩ්

කෙසෙල් කියන්නේ අපි හැමෝටම හොඳට පුරුදු පළතුරක්. මේ රසවත් කෙසෙල් වලින් අපි අද හදන්නේ චොක්ලට් බනානා බ්‍රෙඩ් එකක්. රසම රස බනානා බ්‍රෙඩ් එකක් හදාගන්න හොඳට ඉදුණු කෙසෙල් අර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 125g
  • කොකෝවා පවුඩර් - 60g
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි 1/2
  • සීනි - 150g
  • බිත්තර - 02
  • බටර් - 115g
  • ඉදුණු කෙසෙල් - 300g
  • චොක්ලට් චිප්ස් - 120g
  • වැනිලා - තේ හැඳි 01
  • අලංකාර කිරීමට තවත් චොක්ලට් චිප්ස් ටිකක්

සාදන ක්‍රමය:

  • පාන් පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකට දමා හොඳින් කලවම් කර ගන්න.
  • පොඩි බෝල් එකක ඉදුණු කෙසෙල් ටික හොඳට පොඩි කරලා පැත්තකින් තියා ගන්න.
  • වෙනමම බෝල් එකක් අරගෙන බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් කලවම් කරන්න.
  • කලවම් කරන ගමන්ම බිත්තර ටික එකතු කර ගන්න.
  • වැනිලා සහ ලුනු එකතු කර ගන්න.
  • ඊළගට පොඩි කර ගත්ත කෙසෙල් ටික දාලා හොඳට කලවම් කර ගන්න.
  • කෙසෙල් ටික හොඳට කලවම් උනහම පිටි ටික ටික දදා කලවම් කරන්න.
  • චොක්ලට් චිප්ස් ටික දාලා කලවම් කරන්න.
  • දැන් මේ බැටර් එක ලෝෆ් පෑන් එකකට දාලා බැටර් එකට උඩින් තවත් චොක්ලට් චිප්ස් ටිකක් දාගන්න.
  • මේ බ්‍රෙඩ් එක 180°C ක උෂ්ණත්වයක පැයක් විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ මේ බ්‍රෙඩ් එක විනාඩි 10ක් විතර නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.
White Banana Bread Batter
Chocolate Banana Bread Batter
Close up view of Chocolate Banana Bread
Chocolate Banana Bread
Pieces of Chocolate Banana Bread

Contact DailyLife.lk

or drop an E-Mail to