රසට ගුණට කඩල සැලඩ්

ඔයාලා ටිකක් වැඩිපුර ඇගට ගුණ කෑම කන්න හොයන කෙනෙක් නම් ඔයාලගේ උදේ කෑමකට හදා ගන්න පුළුවන් රස වගේම ගුණවත් කඩල සැලඩ් එකක් තමයි මේ තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රට ළුණු - 1/2
  • තම්බා ගත් කඩල - 450g
  • ෆෙටා චීස් - 20g
  • තම්බාගත් බිත්තර - 03
  • බේබි කියුකම්බර් - 150g
  • චෙරි තක්කාලි - 10
  • එග් මයොනිස් - මේස හැඳි 01
  • ගම්මිරිස් කුඩු රස පදමට
  • ලුනු කුඩු රස පදමට
  • ඔලිව් තෙල් - තේ හැඳි 01
  • දෙහි යුෂ - මේස හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම රට ළුණු ටික රවුම් හැඩේට කපා ගන්න.
  • ඊළගට බේබි කියුකම්බර් ටිකයි, තක්කාලි ටිකයි, තම්බා ගත්ත බිත්තර ටිකයිත් ඔයාලා කැමති විදිහට කෑලි වලට කපා ගන්න.
  • දැන් තම්බා ගත්ත කඩල ටික ටිකක් ලොකු බෝල් එකකට දාගෙන ඒකටම කපා ගත්ත ළුණුයි, කියුකම්බර් ටිකයි, තක්කලියි, ෆෙටා චීස් ටිකයි දාගෙන ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.
  • දැන් අපි අපේ සැලඩ් ඩ්‍රෙසින් එක හදා ගන්නයි යන්නේ. ඒකට වෙනමම පොඩි බෝල් එකකට ඔලිව් තෙල් ටිකයි දෙහි යුෂ ටිකයි දා ගන්න.
  • දැන් මේකටම එග් මයොනිස් ටිකයි, ඔයාලගේ රස පදමට ලුනුයි ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරගන්න.
  • අනිතිමටම දැන් මේ හදා ගත්ත සැලඩ් ඩ්‍රෙසින් එක සැලඩ් එකට දාගෙන හොඳට කලවම් කර ගන්න.
  • Healthy Chickpea Salad
    Healthy Chickpea Salad

    Contact DailyLife.lk

    or drop an E-Mail to