චිකන් නුඩ්ල් සුප්

හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ චිකන් නුඩ්ල් සුප් එක රස වගේම හරිම ගුණයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලොකු ළුණු - 1/2
  • සුදු ළුණු - බික් 04
  • බටර් - 50g
  • කැරට් - 02
  • සෙලරි නාරටි - 02
  • කටු රහිත කුකුල් මස් - 250g
  • චිකන් ස්ටොක් - 1 L
  • ලුනු සහ ගම්මිරිස්
  • ක්ෂණික නුඩ්ල්ස් - 40g
  • දෙහි යුෂ - තේ හැඳි 01
  • ළුණු කොළ

සාදන ක්‍රමය:

  • මුලින්ම ළුණුයි, සුදු ළුණුයි, කැරට් ටිකයි, සෙලරි ටිකයි තරමක පොඩි කෑලි වලට කපා ගන්න.
  • ඊළගට බටර් ටික පෑන් එකකට දාලා දිය කර ගෙන ඒකට කපා ගත්ත එළවළු ටික දා ගන්න. මේ එළවළු ටික විනාඩි 7 - 8 විතර මද ගින්දරේ ටිකක් උයා ගන්න.
  • එළවළු ටික ටිකක් මෙලෙක් උනහම මේකට කුකුල් මස් ටික සහ චිකන් ස්ටොක් ටික දා ගන්න.
  • චිකන් ස්ටොක් ටික හොඳට රත් උනහම ගින්දර ටිකක් අඩු කරලා තවත් විනාඩි 10-15 විතර කුකුල් මස් ටික හොඳට ඉදෙනකන් උයා ගන්න.
  • කුකුල් මස් ටික හොඳට උයා ගත්තාට පස්සේ මේ ටික පොඩි කෑලි වලට කපලා සුප් එකටම ආපහු දා ගන්න.
  • දැන් මේකට ඔයාලගේ රස පදමට ලුනුයි ගම්මිරිස් කුඩුයි දා ගන්න.
  • ඊළගට නුඩ්ල්ස් ටික දා ගන්න. නුඩ්ල්ස් ටික දාගත්තාට පස්සේ සුප් එකේ වතුර ගතිය ගොඩක් අඩු උනොත් එහෙම තව වතුර ටිකක් හරි චිකන් ස්ටොක් ටිකක් හරි දාලා සුප් එක උයා ගන්න.
  • ඔයාලා මේ නුඩ්ල්ස් ටික ගොඩක්ම තැම්බෙනකන් උයන්න එපා. සුප් එක නිමෙනකොට මේ ටික හොඳට හෙමින් සැරේ තැම්බෙනවා.
  • අන්තිමටම සුප් එකට දෙහි යුෂ ටිකක් දාලා කලවම් කරලා ලිපෙන් බා ගන්න.
  • සුප් එක තව ටිකක් ලස්සන කර ගන්න මේකට උඩින් කපා ගත්ත ළුණු කොළ ටිකක් දා ගන්න.
  • Chicken Noodle Soup
    Chicken Noodle Soup
    Chicken Noodle Soup

    Contact DailyLife.lk

    or drop an E-Mail to