කටට රසට මිරිස් සැරට පීකුදු
චිකන් පීකුදු කන්න හැමෝම කැමති නෑනේ. පීකුදු ටික හරියට උයා ගත්තේ නැත්තම් එහෙම ටිකක් පිලී ගදක් එක්ක පොඩි තිත්ත රසයක් එනවා. හැබැයි මේ විදිහට පීකුදු ටික උයා ගත්තොත් නම් එහෙම පීකුදු කන්නේ නැති අයත් ඉල්ල ඉල්ලා පීකුදු කයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- චිකන් පීකුදු - 500g
- අබ පේස්ට් - තේ හැඳි 01
- රස පදමට ලුනු
- කහ කුඩු - තේ හැඳි 1/2
- මිරිස් කුඩු - තේ හැඳි 1/2
- කොත්තමල්ලි කොළ - තේ හැඳි 01
- ඉඟුරු කුඩු - තේ හැඳි 1/2
- කුරුදු කුඩු - තේ හැඳි 1/2
- ගරම් මසාලා - තේ හැඳි 1/2
- පොල් තෙල් / එළවළු තෙල් - මේස හැඳි 04
- සුදුරු - තේ හැඳි 1/2
- කරපිංචා - ඉති 02
- පොඩියට කපා ගත්ත අමු මිරිස් - 02
- හීනියට කපා ගත්ත රට ළුණු - කෝප්ප 01
- ඉඟුරු සුදු ළුණු පේස්ට් - මේස හැඳි 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
- කරදමුංගු - 02
- කරාබු නැටි - 02