මස් මාළු රසට උයන්න චිකන් කරි පවුඩර්

මස්, මාළු, පොලොස් වගේ දේවල් රස වෙන්න ඉතින් හොඳට තුනපහ දාන්න ඕනෙනේ. මෙන්න මේ වගේ කරි පවුඩර් එකක් ගෙදරදීම හදලා තියා ගත්තොත් ඔයාලටත් ලේසියෙන්ම රසට කෑම උයන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොත්තමල්ලි - කෝප්ප 1 1/2
  • සුදුරු - කෝප්ප 3/4
  • කරදමුංගු - මේස හැඳි 01
  • කරාබු නැටි - මේස හැඳි 01
  • ගම්මිරිස් ඇට - මේස හැඳි 01
  • කුරුදු පොතු
  • වියළි මිරිස් - 05
  • කරපිංචා - ඉති 01
  • උළු හාල් - තේ හැඳි ½
  • සාදන ක්‍රමය:

    • මුලින්ම කොත්තමල්ලි, සුදුරු, උළු හාල්, එකට දාලා කබලේ බැද ගන්න. කොත්තමල්ලි සුදුරු වල සුවද එනකන් ටිකක් වෙලා බැද ගන්න. දැන් මේ ටික වෙනමම පැත්තකින් තියා ගන්න.
    • ඊළගට කරදමුංගු, කරාබු නැටි, ගම්මිරිස්, කුරුදු, වියළි මිරිස් ටිකත් කබලේ බැද ගන්න.
    • දැන් කරපිංචා ටිකත් ටිකක් බැද ගන්න.
    • අන්තිමට මේ බැදගත්ත ඔක්කොම දේවල් ටික එකට දාලා කුඩු කර ගන්න.
    • මේ චිකන් කරි පවුඩර් එක මස්, මාළු, පොලොස් වගේ ඕනේ දෙයක් උයන්න අර ගන්න පුළුවන්.
    Chicken Curry Powder
    Chicken Curry Powder
    Chicken Curry Powder

    Contact DailyLife.lk

    or drop an E-Mail to