රස ගුණ පිරි රයිස් එකක්...

තෙල් හරිම පොඩ්ඩක් දාලා හදන මේ රයිස් එක රසින් විතරක් නෙමේ පෝෂණ ගුණයෙනුත් හරිම ඉහලයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රතු හාල් - 300g
  • රස පදමට ලුනු
  • කටු රහිත කුකුල් මස් - 500g
  • ඔලිව් තෙල් - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • ලොකු ළුණු - 01
  • රතු බෙල් පෙපර් - 1/2
  • කොළ බෙල් පෙපර් - 1/2
  • පොඩි හතු - 05
  • තක්කාලි - 01
  • තක්කාලි සෝස් - කෝප්ප 1/2
  • ඔරිගානෝ - තේ හැඳි 1/2
  • බැසිල් කොළ - 06
  • සුදු ළුණු කුඩු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම හාල් ටිකට ලුනු ටිකක් දාලා බත් එක ඉදෙන ප්‍රමානෙට වතුර දාලා බත් ටික උයා ගන්න.
  • බත් එක ඉදෙනකන් අපි කුකුල් මස් ටික හදා ගම්මු. ඒකට කුකුල් මස් ටික පොඩි කෑලි වලට කපා ගෙන ඒකට ලුනු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි දාලා කලවම් කර ගන්න.
  • ඊළගට පෑන් එකකට ඔලිව් තෙල් ටිකක් ස්ප්‍රේ කරලා රත් කරලා ඒකට හදා ගත්ත කුකුල් මස් ටික දාලා උයා ගන්න.
  • කුකුල් මස් ටික හොඳට උයා ගත්තාට පස්සේ ඒ ටික පෑන් එකෙන් අයින් කර ගන්න.
  • දැන් මේ පෑන් එකටම කපා ගත්ත ලුනු ටික දාලා ටිකක් වෙලා උයා ගන්න.
  • ඊළගට කපා ගත්ත බෙල් පෙපර් ටිකයි හතු ටිකයි දා ගන්න. ඔයාලට පුළුවන් නම් කහ පාට බෙල් පෙපර් ටිකකුත් එකතු කර ගන්න. එතකොට මේ රයිස් එක ලස්සනට එනවා. හතු ටික පොඩ්ඩක් තැම්බෙනකන් පෑන් එක වහලා උයා ගන්න.
  • දැන් මේකට කපා ගත්ත තක්කාලි ටිකයි තක්කාලි සෝස් ටිකයි එකතු කර ගන්න.
  • ඊළගට ඔයාලගේ රස පදමට ලුනුයි, ගම්මිරිස් කුඩුයි, සුදු ළුණු කුඩු ටිකයි එකතු කර ගන්න.
  • ඔරිගානෝ ටිකයි, කලින් උයා ගත්ත චිකන් ටිකයි, බැසිල් කොළ ටිකකුයි එකතු කර ගන්න.
  • අන්තිමටම උයා ගත්ත බත් ටික මේ ටිකත් එක්ක හොඳට කලවම් කරලා ලිප ඔෆ් කර ගන්න.
  • Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry
    Chicken & Rice Stir Fry

    Contact DailyLife.lk

    or drop an E-Mail to