ළුණු වලින් රස කෑමක්

ඔයාලට ගෙදර ළුණු ගෙඩියකුයි චීස් ටිකකුයි තියනවා නම් හරිම ඉක්මනින් මේ රසම රස කෑම තේ වෙලාවකට හදා ගන්න පුළුවන්. ඔයාලට මේ ප්‍රමාණ වලින් රින්ග්ස් 15ක් විතර හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මොසරැල්ලා චීස් - 200g
  • ලොකු ළුණු - 02
  • පාන් පිටි - 100g
  • පාන් කුඩු - 150g
  • ලුනු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • බිත්තර - 03
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • මුලින්ම ළුණු ටික අගල් 1/2 වගේ සයිස් එකේ රවුම් වලට කපා ගෙන ළුණු රවුම් ටික හෙමින් සැරේ වෙන් කර ගන්න.
  • දැන් මේ වෙන් කර ගත්ත ළුණු ටික ට්‍රේ එකක් උඩින් තියා ගන්න. මේකෙදි ලොකු රවුමක් එළියට හිටින්න තියලා ඒක මැදින් පොඩි රවුමක් තමයි තියා ගන්න ඕනේ.
  • ඊළගට රවුම් දෙක අතරේ තියන හිඩැසට චීස් ටික පුරවා ගන්න. මේ ටික පැයක් විතර අධි ශීතකරණයේ තියන්න.
  • බිත්තර ටිකත් බීට් කරලා පැත්තකින් තියා ගන්න.
  • වෙනමම භාජනයක පාන් කුඩු ටිකයි, මිරිස් කුඩුයි, ලුනුයි, ගම්මිරිස් කුඩු ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
  • දැන් ළුණු රවුම් ටික අරගෙන මුලින්ම ඒ ටික පාන් පිටි වල තවරා ගන්න. ඊළගට බිත්තර වල තවරලා පාන් කුඩු වල රෝල් කර ගන්න. ආයෙත් පාරක් බිත්තර වලයි පාන් කුඩු වලයි තවරා ගන්න. මේ විදිහට ඔක්කොම ළුණු රවුම් ටික හදා ගන්න.
  • දැන් පෑන් එකකට තෙල් ටික දාලා රත් කර ගන්න. තෙල් ටික රත් වෙනකන් මේ ළුණු ටික ආයෙත් ෆ්‍රීසර් එකට දාන්න. නැත්නම් එහෙම රස්නෙට චීස් ටික දිය වෙලා යයි.
  • තෙල් ටික රත් උනහම ඔක්කොම ළුණු රවුම් ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • මේ ටික රස්නේ පිටින්ම කද්දී තමයි වැඩියෙන්ම රස.
  • Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings
    Cheesy Onion Rings

    Contact DailyLife.lk

    or drop an E-Mail to