ලේසියෙන්ම හදා ගන්න පුළුවන් චීසි නුඩ්ල්ස්

ඔයාලගේ පොඩි බඩගින්නකට උනත් ලේසියෙන් හදා ගෙන කන්න පුළුවන් රසම රස චීසි නුඩ්ල්ස් හදන විදිහ මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - මේස හැඳි 02
  • කපා ගත්ත ළුණු - මේස හැඳි 02
  • පොඩි තක්කාලි - ගෙඩි 01
  • කපා ගත්ත කැරට් - මේස හැඳි 02
  • කපා ගත්ත බෙල් පෙපර් - මේස හැඳි 02
  • රස පදමට ලුනු
  • අමු මිරිස් - කෑලි 02
  • වතුර - කෝප්ප 02
  • චීස් පෙති - 02
  • ක්ෂණික නුඩ්ල්ස් - පැකට් 01
  • රස පදමට ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට බටර් ටික දාලා දිය කරගෙන ඒකට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩි 02ක් විතර මලවා ගන්න.
  • ඊළගට කපා ගත්ත තක්කලියි, කැරටුයි, බෙල් පෙපර් ටිකයි, අමු මිරිසුයි, ඔයාලගේ රස පදමට ලුනු ටිකකුයි එකතු කරගෙන මේ ටික විනාඩි 03ක් විතර උයා ගන්න.
  • දැන් මේකට වතුර ටිකයි, චීස් කෑලි ටිකයි දාලා චීස් ටික ඔක්කොම දිය වෙනකන් හැඳි ගාගන්න.
  • චීස් ටික ඔක්කොම දිය උනාට පස්සේ නුඩ්ල්ස් පැකට් එකේ තියන රස කාරක පැකට් එකයි ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කර ගන්න.
  • අන්තිමටම නුඩ්ල්ස් පැකට් එක දාලා පාන් එක කවර් කරලා විනාඩි 02ක් විතර උයා ගන්න. දැන් පාන් එකේ පියන අයින් කරලා වැඩිපුර වතුර ටික අඩු වෙලා යනකන් තවත් ටික වෙලාවක් වැඩි ගින්දරේ උයා ගන්න.
  • දැන් ඉතින් මේක නිමෙන්න කලින් රස්නේ පිටින්ම රස බලන්න.
  • Cheesy Noodles
    Cheesy Noodles
    Cheesy Noodles
    Cheesy Noodles

    Contact DailyLife.lk

    or drop an E-Mail to