හවසට තේ බොන්න නියම කෑම

පාන් වලින් අඩු වියදමකින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ කෑම හවසට තේ එකක් බොන්න නම් නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොල් තෙල් / එළවළු තෙල් - මේස හැඳි 02
  • ලොකු ළුණු - 01
  • කැරට් - 01
  • අමු මිරිස් - 01 - 02
  • ලීක්ස් - කොළ 01
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • රස පදමට ලුනු
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
  • වතුර - කෝප්ප 01
  • ක්ෂණික නූඩ්ල්ස් - පැකට් 01
  • හීනියට ගාගත්ත චෙඩර් හා මොසැරල්ලා චීස් - 100g
  • කපා ගත්ත සුදු ළුණු - බික් 02
  • පාන් පිටි - මේස හැඳි 01
  • වතුර - මේස හැඳි 01-02
  • සුදු පාන් පෙති - 10-12
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට කපා ගත්ත සුදු ළුණු ටික දා ගන්න.
  • සුදු ළුණු ටික බැදීගෙන එනකොට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩියක් විතර උයා ගන්න.
  • ඊළගට හීනියට කපා ගත්ත කැරට් ටිකයි අමු මිරිස් ටිකයි දා ගන්න.
  • දැන් අපි මේකට දා ගන්න ඕනේ මිරිස් කුඩුයි, ඔයාලගේ රස පදමට ලුනුයි ගම්මිරිස් කුඩුයි.
  • වතුරයි නුඩ්ල්ස් පැකට් එකේ තියන රස කාරක පැකට් එකයි දාලා කලවම් කර ගන්න. ඔයාලා මේ රස කාරක පැකට් එකට කැමති නැත්නම් ඒක අයින් කරන්න පුළුවන්.
  • ඊළගට මේකට නුඩ්ල්ස් ටික දාලා වතුර හිදෙනකන් උයා ගන්න.
  • වතුර ගතිය ටිකක් අඩු උනහම කපා ගත්ත ලීක්ස් ටික දා ගන්න.
  • වතුර ටික ඔක්කොම හිදුනාට පස්සේ ලිප ඔෆ් කරලා, මිශ්‍රණය ටිකක් නිමුනාට පස්සේ චීස් ටික දාලා කලවම් කර ගන්න.
  • දැන් වෙනමම පොඩි බෝල් එකක පිටි ටිකයි වතුර ටිකයි එකට දාලා කලවම් කරලා පේස්ට් එකක් හදා ගන්න. පාන් කෑලි එකට අලවන්න අපි මේ පේස්ට් එක තමයි අර ගන්නේ.
  • ඊළගට පාන් වල වාටි ටික කපලා අයින් කරලා මැද කොටස අර ගන්න. මේ පාන් ටික අපි රෝලින් පින් එකකින් හොඳට තලා ගන්න ඕනේ. ඔයාලා මේ පාන් ටික පුළුවන් තරම් හීනි වෙනකන් තලා ගන්න. පාන් කෑලි මහතට තිබ්බොත් එහෙම අපි මේක බදිනකොට වැඩිපුර තෙල් උරා ගන්නවා.
  • ඊළගට එක පාන් කෑල්ලක් උඩින් නුඩ්ල්ස් මිශ්‍රණයෙන් ටිකක් තියලා, පාන් කෑල්ල වටේට හදා ගත්ත පිටි මිශ්‍රණය ටිකක් ගාලා, අනිත් පාන් කෑල්ල මේක උඩින් තියලා අලවා ගන්න. පාන් කෑල්ල වටේටම හොඳට සීල් කර ගන්න.
  • ඔක්කොම පාන් ටික මේ විදිහට හදා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • මේ ටික නිමෙන්න කලින් රස්නේ පිටින්ම කද්දී තමයි වැඩියම රස.
  • Cheesy Bread Pockets
    Cheesy Bread Pockets
    Cheesy Bread Pockets
    Cheesy Bread Pockets
    Cheesy Bread Pockets
    Cheesy Bread Pockets
    Cheesy Bread Pockets

    Contact DailyLife.lk

    or drop an E-Mail to