Cheesy Baked Egg Toast

ඉක්මනින් සහ පහසුවෙන් සාදාගත හැකි රසවත් උදෑසන ආහාරවේලක් ගැන කුමක් කිව හැකිද? බිත්තර සහ චීස් සමග බේක් කරන ලද පාන් පෙත්තක් උදෑසන ආහාර වේලට එක්කර ගන්න තිබුනොත් කොහොමද? උදෑසන කාර්යබහුල ගෘහණියකට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සාදාගත හැකි Cheesy Baked Egg Toast සාදාගන්නා හැටි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සිහින්ව කපාගත් පාන් පෙති 04
  • බටර් තේ හැඳි 04
  • බිත්තර 04
  • චීස් 04
  • රස අනුව ලුනු කුඩු
  • ගම්බිරිස් කුඩු ස්වල්පයක්

Method

  • පාන් පෙති 4 එක පැත්තක බටර් තවරාගන්න
  • බටර් ගාගත් පැත්ත යටට සිටින සේ තැටියක අසුරන්න
  • පාන් පෙති 4 හොඳින් තැටියට ඇලී සිටින සේ කුඩා හැන්දක් ගෙන පාන් පෙති මත තබා තද කරන්න
  • දැන් පාන් පෙති උඩ කොටසේ ද බටර් ආලේප කරගන්න
  • පාන් පෙත්ත මැදට බිත්තරය කඩා දමන්න. මෙසේ පාන් පෙති 4 මතටම බිත්තර කඩා දමන්න
  • දැන් ඔබේ රස අනුව ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු පාන් පෙති මතට ඉසින්න. සැර ගතිය ටිකක් වැඩියෙන් අවශ්‍ය නම් ගම්බිරිස් කුඩු ටිකක් වැඩියෙන් ඉසින්න
  • බිත්තර වටේට චීස් පෙති තබන්න
  • 200 °C උෂ්ණත්වයට මිනිත්තු දහයක් දොළහක් පුළුස්සා ගන්න
  • උණු උණුවෙම අනුභව කර මෙය රස විඳින්න

Contact DailyLife.lk

or drop an E-Mail to