කැරට් සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය:
- ප්‍රමාණයෙන් ලොකු කැරට් ගෙඩි දෙකක් තුනක්
- සිහින්ව ලියාගත් අමුමිරිස්
- කපාගත් රතුළුණු
- සිහින්ව ගා ගත් පොල්
- දෙහි යුෂ
- රස අනුව ලුනු කුඩු
- තම්බාගත් බිත්තර
සාදන ආකාරය:
- පොතුහැර ගත් කැරට් හොඳින් සෝදා greater යක් ආධාරයෙන් සිහින්ව ගා ගන්න.( එසේ නොමැතිනම් ඔබට සිහින්ව පිහියකින් කපා ගන්න).
- අමුමිරිස් සහ රතුලූනු පොඩියට කපා ගන්න.
- කැරට් මිශ්‍රණයට ගාගත් පොල්, කපාගත් රතු ළූණු සහ අමු මිරිස් එක්කරන්න.
- දෙහි යුෂ, ගම්බිරිස් කුඩු සහ ලුණු කුඩු රස අනුව යොදන්න.
- තම්බාගත් බිත්තර දෙකට කපා කැරට් සම්බෝලය සරසා ගන්න.