හැමදාම උයලා කන කැරට් වලින් රසම රස කේක් එකක්

හැමදාම අපි කැරට් කන්නේ උයලා, එහෙමත් නැත්නම් සම්බෝල හදලානේ. අපි අද යන්නේ කැරට් වලින් කේක් එකක් හදන්න. කැරට් දාලා හදන මේ කේක් එකට ක්‍රීම් චීස් ෆ්රෝස්ටින් එකකුත් එකතු උනහම පුදුම රසක් තමයි තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • ග්‍රේට් කර ගත්ත කැරට් - 225g
  • පාන් පිටි - 150g
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • කුරුදු කුඩු - 01g
  • ඉඟුරු කුඩු - තේ හැඳි 1/4
  • කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
  • ඕල් ස්පයිස් - තේ හැඳි 1/4
  • යෝගට් / සවර් ක්‍රීම් - 90ml
  • ලුනු රහිත බටර් - 90g
  • ඇපල් සෝස් - 60g
  • සුදු සීනි - 168g
  • වැනිලා - තේ හැඳි 01
  • බිත්තර - 02
  • රෝස්ට් කර පොඩියට කපා ගත් ආමන්ඩ් / පීකන් / කජු - 65g

අවශ්‍ය ද්‍රව්‍ය: ෆ්රෝස්ටින් එක සඳහා

  • ලුනු රහිත බටර් - 170g
  • ක්‍රීම් චීස් - 225g
  • අයිසින් සීනි - 400g

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් එක සැරසීමට

  • රෝස්ට් කර පොඩියට කපා ගත් ආමන්ඩ් / පීකන් / කජු

සාදන ක්‍රමය:

  • මුලින්ම පොඩි බෝල් එකක පිටියි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩායි, ලුනුයි, කුරුදු කුඩුයි, කරදමුංගු කුඩුයි, ඉඟුරු කුඩුයි, ඕල් ස්පයිස් ටිකයි දාලා කලවම් කර ගන්න.
  • ඊළගට ටිකක් ලොකු බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට බිත්තර එකින් එක දදා බීට් කරන්න.
  • ඊළගට යෝගටුයි, ඇපල් සෝස් එකයි, වැනිලා ටිකයි එකතු කර ගන්න.
  • දැන් කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික මේකට එකතු කර ගන්න.
  • පොඩියට කපා ගත්ත ආමන්ඩ් ටික පිටි ටිකක තවරලා බටර් මිශ්‍රණයට එකතු කර ගන්න. මේ විදිහට ආමන්ඩ් ටික පිටි වල කලවම් කර ගත්තහම ඇට ටික කේක් යටට බහින්නේ නැතුව හැම තැනටම හිටිනවා.
  • අන්තිමටම ග්‍රේට් කර ගත්ත කැරට් ටික දාලා කලවම් කරලා කේක් බැටර් එක අගල් 8x 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දා ගන්න.
  • අපි මේ කේක් එක විනාඩි 40-45 විතර 175C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න ඕනේ.
  • කේක් එක බේක් උනාට පස්සේ හොඳටම නිමෙන්න තියන්න.
  • ෆ්රෝස්ටින් එක හදා ගන්න මුලින්ම ක්‍රීම් චීස් ටිකයි බටර් ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට අයිසින් සීනි ටිකෙන් ටික දදා ඔයාලා කැමති පදමට ෆ්රෝස්ටින් එක හදා ගන්න.
  • අන්තිමටම මේ හදා ගත්ත ෆ්රෝස්ටින් එකෙන් ඔයාලගේ කේක් එක කවර් කරගෙන පොඩියට කපා ගත්ත ආමන්ඩ් ටිකකුත් උඩින් දාලා ලස්සන කර ගන්න.
  • Carrot Cake
    Carrot Cake
    Carrot Cake
    Carrot Cake
    Carrot Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to