හැමදාම උයලා කන කැරට් වලින් රසම රස කේක් එකක්
හැමදාම අපි කැරට් කන්නේ උයලා, එහෙමත් නැත්නම් සම්බෝල හදලානේ. අපි අද යන්නේ කැරට් වලින් කේක් එකක් හදන්න. කැරට් දාලා හදන මේ කේක් එකට ක්‍රීම් චීස් ෆ්රෝස්ටින් එකකුත් එකතු උනහම පුදුම රසක් තමයි තියෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- ග්‍රේට් කර ගත්ත කැරට් - 225g
- පාන් පිටි - 150g
- බේකින් සෝඩා - තේ හැඳි 01
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/2
- කුරුදු කුඩු - 01g
- ඉඟුරු කුඩු - තේ හැඳි 1/4
- කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
- ඕල් ස්පයිස් - තේ හැඳි 1/4
- යෝගට් / සවර් ක්‍රීම් - 90ml
- ලුනු රහිත බටර් - 90g
- ඇපල් සෝස් - 60g
- සුදු සීනි - 168g
- වැනිලා - තේ හැඳි 01
- බිත්තර - 02
- රෝස්ට් කර පොඩියට කපා ගත් ආමන්ඩ් / පීකන් / කජු - 65g
අවශ්‍ය ද්‍රව්‍ය: ෆ්රෝස්ටින් එක සඳහා
- ලුනු රහිත බටර් - 170g
- ක්‍රීම් චීස් - 225g
- අයිසින් සීනි - 400g
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් එක සැරසීමට
- රෝස්ට් කර පොඩියට කපා ගත් ආමන්ඩ් / පීකන් / කජු