තේ වෙලාවට වැඩි වැඩ නැති කජු කෑලි

අපි හැමෝම පොඩි කාලේ ඉදලම හරිම ආසාවෙන් කන්න කැමති කෑමක්නේ කජු කෑලි. හරිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට හරි ලේසියෙන්ම කජු කෑලි ගෙදරදීම හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රෝස්ට් කරපු රට කජු - 250g
  • සීනි - 275g
  • උණු වතුර - කෝප්ප 1/2
  • රස පදමට ලුනු
  • සාදන ක්‍රමය:

  • මුලින්ම සීනි වලින් ටිකක් පෑන් එකකට දාලා ඒ ටික උණු කර ගන්න. සීනි ටික ටිකක් තද දුඹුරු පාට වෙනකන් තමයි අපි මේ ටික කැරමල් කර ගන්න ඕනේ. සීනි ගොඩක් වැඩිය උණු කර ගත්තොත් එහෙම කැරමල් එක තිත්ත රස වෙන්න පුළුවන්.
  • සීනි ටික හොඳට තද පාට උනහම මේකට උණු වතුර ටික දා ගන්න. උණු වතුර දාද්දි පරිස්සමින් ටිකක් ඈත් වෙලා දාන්න. නැත්නම් මේ රත් උණු පැණි ඔයාලගේ ඇඟට විසි වෙන්න පුළුවන්.
  • ඊළගට ඉතුරු සීනි ටිකයි ඔයාලගේ රස පදමට ලුනුයි දාලා දිය කර ගන්න. මේ සීනි ටික නුල් ඇදෙන පදමට එනකන් උණු කර ගන්න ඕනේ. පැණි ටික ඕනෑවට වඩා ගොඩක් උණු උනොත් එහෙම කජු කෑලි ටික ගොඩක් හයිය වෙනවා. පැණි උණු වෙලා මදි උනොත් එහෙම මේක හරියට සෙට් වෙන්නේ නෑ. ඒක හින්දා හරි පදමට පැණි ටික උණු කර ගන්න.
  • පැණි ටික පදමට උණු උනාට පස්සේ රට කජු ටික දාලා කලවම් කරලා මිශ්‍රණය හයි වෙන්න කලින් ඉක්මනට මේක බටර් ගාගත්ත තැටියකට දාලා තුනී කර ගන්න. මේ වෙලාවේදීම මේක කෑලි කපා ගන්න ලේසි වෙන්න ඉරි ටිකත් මාර්ක් කර ගන්න.
  • රට කජු ටොෆී එක හොඳටම සෙට් උනහම කලින් මාර්ක් කර ගත්ත ඉරි වලින් කෑලි වලට කපා ගන්න.
  • මේ කජු කෑලි ටික හුළං වදින්නේ නැති විදිහට අසුරා ගත්තහම ඔයාලට සති දෙකකටත් වඩා උනත් තියා ගෙන කන්න පුළුවන්.
  • Caramelized Peanut Toffee
    Caramelized Peanut Toffee
    Caramelized Peanut Toffee
    Caramelized Peanut Toffee

    Contact DailyLife.lk

    or drop an E-Mail to