මාළු මිරිස් කිරට

සමහරු මාළුමිරිස් හොදි හදලා කන්න කැමති නැහැ. එහෙත් ඔබ මේ ආකාරයට හදලා කෑවොත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මාළු මිරිස් කරල් 06
  • උකු පොල් කිරි කෝප්ප 01
  • තුනපහ කුඩු මේස හැඳි 01
  • කහ කුඩු තේ හැඳි 01
  • උළුහාල් තේ හැඳි 01
  • කුරුඳු පොතු කිහිපයක්
  • ලොකු ලූනු ගෙඩි 01
  • කරපිංචා කොළ
  • රස අනුව ලුනු කුඩු

සාදන ආකාරය:

  • මාලු මිරිස් කරල් හොඳින් සෝදා ගෙන දෙකට මැදින් පලා ගන්න. මෙහිදී වෙන්වෙන්නට මාලු මිරිස් කරල කපන්න එපා. මෙසේ දෙකට මැදින් පැලු විට හොදට තුනපහ මිරිස් කරලට අල්ල ගන්නවා.
  • පිස ගැනීමට යොදා ගන්නා භාජනය තුලට මාළු මිරිස් කරල් දමා කරපිංචා කොළ එයට එකතු කරන්න.
  • ලුණු ගෙඩිය ද සිහින්ව කපාගෙන එයට එකතු කරන්න.
  • මෙයට උළුහාල් , රස අනුව ලුනු කුඩු , තුනපහ කුඩු , කහ කුඩු සහ කුරුදු පොතු එකතු කරන්න.
  • මෙහිදී අපි මාලු මිරිස් සඳහා මිරිස් කුඩු හෝ අමු මිරිස් එකතු කිරීමෙන් වැළකී සිටිනවා. එසේ කරන්නේ මාළු මිරිස් වල අවශ්‍ය ප්‍රමාණයට සැර ගතිය අඩංගු වී ඇති නිසා.
  • දැන් සියල්ල හොඳින් කලවම් කරන්න.
  • පොල් කිරි එකතු කරමින් ටිකක් කලවම් කරන්න.
  • පොල් කිරි එකතු කිරීමෙන් පසු මෙය විනාඩි 15 - 20ක් විතර මද ගින්දරේ පිස ගන්න.
Capsicum with Spices
Capsicum Curry
Capsicum Curry
ගාලික් බ්‍රෙඩ් ලේසියෙන් ගෙදරදීම

ගාලික් බ්‍රෙඩ් ලේසියෙන් ගෙදරදීම

Sun, 1st Oct 2023
රස ගුණ පිරි රයිස් එකක්...

රස ගුණ පිරි රයිස් එකක්...

Fri, 8th Sep 2023
හදන්න ලේසිම ක්‍රීම් චීස් කේක් එක

හදන්න ලේසිම ක්‍රීම් චීස් කේක් එක

Thu, 17th Aug 2023
පොඩ්ඩන්ට ආසා හිතෙන රස කෑමක්

පොඩ්ඩන්ට ආසා හිතෙන රස කෑමක්

Sat, 22nd Jul 2023
ඉක්මනින් හදන් කන්න ශීට් පෑන් කේක්

ඉක්මනින් හදන් කන්න ශීට් පෑන් කේක්

Sat, 15th Jul 2023
හිතුන ගමන් හදන් කන්න කුකී එකක්

හිතුන ගමන් හදන් කන්න කුකී එකක්

Sun, 9th Jul 2023
ජෙලි මූස් කේක්‌

ජෙලි මූස් කේක්‌

Sun, 18th Jun 2023
පීනට් බටර් කේක්

පීනට් බටර් කේක්

Thu, 1st Jun 2023

Contact DailyLife.lk

or drop an E-Mail to