මාළු මිරිස් කිරට
සමහරු මාළුමිරිස් හොදි හදලා කන්න කැමති නැහැ. එහෙත් ඔබ මේ ආකාරයට හදලා කෑවොත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- මාළු මිරිස් කරල් 06
 - උකු පොල් කිරි කෝප්ප 01
 - තුනපහ කුඩු මේස හැඳි 01
 - කහ කුඩු තේ හැඳි 01
 - උළුහාල් තේ හැඳි 01
 - කුරුඳු පොතු කිහිපයක්
 - ලොකු ලූනු ගෙඩි 01
 - කරපිංචා කොළ
 - රස අනුව ලුනු කුඩු
 
සාදන ආකාරය:
- මාලු මිරිස් කරල් හොඳින් සෝදා ගෙන දෙකට මැදින් පලා ගන්න. මෙහිදී වෙන්වෙන්නට මාලු මිරිස් කරල කපන්න එපා. මෙසේ දෙකට මැදින් පැලු විට හොදට තුනපහ මිරිස් කරලට අල්ල ගන්නවා.
 - පිස ගැනීමට යොදා ගන්නා භාජනය තුලට මාළු මිරිස් කරල් දමා කරපිංචා කොළ එයට එකතු කරන්න.
 - ලුණු ගෙඩිය ද සිහින්ව කපාගෙන එයට එකතු කරන්න.
 - මෙයට උළුහාල් , රස අනුව ලුනු කුඩු , තුනපහ කුඩු , කහ කුඩු සහ කුරුදු පොතු එකතු කරන්න.
 - මෙහිදී අපි මාලු මිරිස් සඳහා මිරිස් කුඩු හෝ අමු මිරිස් එකතු කිරීමෙන් වැළකී සිටිනවා. එසේ කරන්නේ මාළු මිරිස් වල අවශ්‍ය ප්‍රමාණයට සැර ගතිය අඩංගු වී ඇති නිසා.
 - දැන් සියල්ල හොඳින් කලවම් කරන්න.
 - පොල් කිරි එකතු කරමින් ටිකක් කලවම් කරන්න.
 - පොල් කිරි එකතු කිරීමෙන් පසු මෙය විනාඩි 15 - 20ක් විතර මද ගින්දරේ පිස ගන්න.