බටර්ස්කොච් අයිස් ක්‍රීම්

බටර්ස්කොච් අයිස් ක්‍රීම් ගොඩ දෙනෙක් කන්න කැමති අයිස් ක්‍රීම් එකක්. අයිස් ක්‍රීම් එක්ක බටර්ස්කොච් කෑලි හැපෙනකොට පුදුම රසක් තියෙන්නේ. මේ විදිහට අයිස් ක්‍රීම් හදන්න අයිස් ක්‍රීම් මැෂින් ඕනේ වෙන්නේ නෑ. ඒ වගේම සැරින් සැරේට බීට් කරන්න ඕනෙත් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය: බටර්ස්කොච් ටොෆී

  • සීනි - 80g
  • වතුර - මේස හැඳි 1
  • බටර් - මේස හැඳි 1
  • පොඩියට කපා ගත්ත කජු - 60g
  • අවශ්‍ය ද්‍රව්‍ය: අයිස් ක්‍රීම්

  • විපින් ක්‍රීම් - 250ml
  • උකු කිරි - 160g
  • වැනිලා - තේ හැඳි 1
  • කහ පාට ෆුඩ් කලරින් - තේ හැඳි ½
  • සාදන ක්‍රමය:

    • මුලින්ම බටර්ස්කොච් ටොෆී එක හදා ගන්න පෑන් එකකට සීනි ටිකයි වතුර ටිකයි දාලා මද ගින්දරේ උණු කර ගන්න. සීනි ටික වතුරත් එක්ක දිය වෙනකන් විතරක් හැඳි ගාලා ඊට පස්සේ හැඳි ගාන එක නතර කරන්න. සීනි ටික හොඳට කලවම් වෙන්න සැරින් සැරේ භාජනේ කරකවන්න. විනාඩියක් විතර භාජනේ ලිපේ තියන්න. ආයෙත් අරගෙන කරකවන්න. ටික වෙලාවක් යනකොට කැරමල් හොඳට තද පාට වෙලා එනවා.
    • කැරමල් එක ටිකක් ඝන වේගෙන එනකොට බටර් ටිකයි කජු ටිකයි දාලා කලවම් කරන්න.
    • කැරමල් එක තව පොඩ්ඩක් ඝන වෙලා ඇලෙන ගානට ආවහම මේ ටික බේකින් ට්‍රේ එකක් උඩට දාලා නිමෙන්න තියන්න.
    • බටර්ස්කොච් ටොෆී එක හරි යනකන් ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට විපින් ක්‍රීම් ටික දාලා හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න.
    • දැන් මේකට ටින් කිරි ටිකයි, වැනිලා ටිකයි, ෆුඩ් කලරින් ටිකයි දා ගන්න.
    • බටර්ස්කොච් ටොෆී එක හොඳට නිමිලා සෙට් උනහම මේක බේකින් ෂීට් එකෙන් ගලවලා අරගෙන කෑලි වලට කඩා ගන්න.
    • ඊළගට මේ කෑලි ටික ශිප් බෑග් එකකට දාගෙන පොඩි කෑලි වෙන්න කුඩු කර ගන්න. මේ ටික ඔයාලට බ්ලෙන්ඩර් කර ගන්නත් පුළුවන්. හැබැයි පිටි ගානට එනකන් ගොඩක් බ්ලෙන්ඩර කරන්න එපා. බටර්ස්කොච් කෑලි හැපෙනකොට තමයි මේ අයිස් ක්‍රීම් එක ගොඩක්ම රස.
    • දැන් මේ කුඩු කර ගත්ත කෑලි ටික බීට් කර ගත්ත විපින් ක්‍රීම් එකට දාලා කලවම් කර ගන්න.
    • අන්තිමට මේ ටික ඔයාලා අයිස් ක්‍රීම් හදන භාජනයට දා ගෙන අයිස් ක්‍රීම් එක හොඳටම සෙට් වෙනකන් පැය 7-8 විතර ෆ්‍රිජ් එකේ තියා ගන්න. ඔයාලා මේ අයිස් ක්‍රීම් එක හදන්න වහන්න පුළුවන් භාජනයක් අර ගන්න. නැත්නම් අයිස් ක්‍රීම් එක මිදෙනකොට උඩින් අයිස් වගේ මිදෙනවා.
    • අයිස් ක්‍රීම් එක හොඳටම සෙට් උනහම ඔයාලට පුළුවන් මේකේ රස බලන්න.
    Butterscotch Toffee
    Butterscotch Toffee
    Butterscotch Ice Cream
    Butterscotch Ice Cream
    Butterscotch Ice Cream
    Butterscotch Ice Cream

    Contact DailyLife.lk

    or drop an E-Mail to