බටර් කුකීස්

බටර් සමගින් සාදන මෙම බටර් කුකීස් අතිශයින්ම රසවත් කෑමක්. ඔයාලත් ගෙදරදි මේ බටර් කුකීස් හදලා බලන්න. හැමෝම කැමති වේවි. විශේෂයෙන් ඔයාලාගේ පොඩි අය මේකට ගොඩක් කැමති වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - 120g
  • ලුණු කුඩු - තේ හැදි ¼
  • සීනි - 25g ( ඉතා කුඩා සීනි මේ සඳහා භාවිතා කරන්න)
  • වැනිලා - තේ හැඳි ½
  • කේක් පිටි - 120g

සාදන ආකාරය:

  • බෝල් එකකට දමා ක්‍රීම් වනතුරු බටර් බීට් කරගන්න.
  • ක්‍රීම් වූ බටර් මතක ලුණු එක්කරන්න. හොදින් මිශ්‍ර කරන්න.
  • සීනි එකතු කර මිනිත්තු 2 - 3 හොඳින් කලවම් කරන්න.
  • මිශ්‍රණයට පිටි එකතු කරගනිමින් බටර් හා පිටි හොදින් මිශ්‍ර වන සේ ඉතා හෙමින් බීට් කරගන්න. මෙම මිශ්‍රණය අතේ නොඇලෙන ගානට සකස් කරගන්න.
  • කැමති හැඩයකට කුකීස් ටික හදාගන්න.
  • එකේ සකස් කරගත් කුකීස් 150°C උෂ්ණත්වයට මිනිත්තු 15 -20 රන් පැහැ ගන්වන තුරු පුළුස්සා ගන්න.
  • මේ ටික සුළං නොවදින භාජනයක අසුරා තබන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to