බටර් කේක්

බටර් කේක් ඉතා පහසුවෙන් සාදාගත හැකි වන අතර ඕනෑම වේලාවක දී ආහාරයට ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තටම ඒක හරිම රසවත්. එක කෑල්ලක් කාලා රස වැටුණු ඔයාල තව කෑල්ලක් නම් අනිවාර්යෙන්ම කනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 250 g
  • සීනි - 250 g
  • මාගරින් - 250 g
  • බිත්තර - 05
  • කිරි කෝප්ප - ¼
  • බේකින් පවුඩර් තේ හැඳි - 02
  • වැනිලා රසකාරක තේ හැඳි - 02

සාදන ආකාරය:

  • බේකින් පවුඩර් සහ පිටි කලවම් කර පැත්තකින් තබා ගන්න.
  • පුලුන් වගේ තත්වයකට පැමිණෙන තෙක් සීනි සහ මාගරින් ගසාගන්න. (ඔයාලා අතින් බීට් කරනවා නම් එකම අතකට බීට් කරන්න අමතක කරන්න එපා)
  • බිත්තර එකින් එක එකතු කරමින් සීනි දියවන තුරු බීට් කරන්න.
  • වැනිලා එසන්ස් එකතු කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර වනසේ එකම අතකට මිශ්‍ර කරන්න.
  • කලින් සාදා ගත් බේකින් පවුඩර් සහ පිටි මිශ්‍රනය ඉහත මිශ්‍රණයට ටිකින් ටික එකතු කරමින් බීට් කරන්න.
  • සාදාගත් කිරි ටිකද එකතු කරන්න.
  • තැටියක් ගෙන මාගරින් හෝ බටර් තවරාගන්න.
  • මිශ්‍රණය තැටියට දමා ගන්න. මෙහිදී ඔබට අතිරේක ලස්සන ක් ලබාගැනීම සඳහා කලරින් බිංදු කීපයක් ද එකතු කළ හැකිය.
  • කලින් රත් කර ගත් අවන් එකක් තුල දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට මිනිත්තු 35ක් මේ කේක් එක පුලුස්සා ගන්න.
  • අවන් එකෙන් කේක් එක එළියට ගෙන නිවෙන්නට ඉඩහරින්න.
  • කාමර උෂ්ණත්වයේ මෙය දවස් කිහිපයක් තබා ගත හැකි වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to