බ්‍රවුන් බටර් බ්ලොන්ඩීස්

බ්‍රවුන් බටර් බ්ලොන්ඩීස් කියන්නේ හරිම රස හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්. ඔයාලාට නත්තලට මුකුත් හදා ගන්න බැරුව ගියොත් අන්තිම මොහොතේදී හරි ඉක්මනින්ම මේක හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලුනු සහිත බටර් - 120g
  • දුඹුරු සීනි - 155g
  • බිත්තර - 01
  • වැනිලා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • පාන් පිටි - 130g
  • වයිට් චොක්ලට් චිප්ස් - 70g
  • සාදන ක්‍රමය:

    • මුලින්ම බටර් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ දිය කර ගන්න. මේ ටික තද දුඹුරු පාට වෙනකන් උණු කර ගන්න ඕනේ. බටර් ටික තද දුඹුරු පාට උනහම මේක ලිපෙන් අරගෙන පෙරලා වෙනමම භාජනයකට දාලා නිමෙන්න තියන්න.
    • ඊළගට පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
    • දැන් කලින් උණු කර ගත්ත බටර් ටිකට සීනි ටික දාලා කලවම් කරන්න.
    • දැන් මේකට බිත්තරෙයි වැනිලා ටිකයි දා ගන්න.
    • ඊළගට පිටි එකෙන් ටික ටික දදා කලවම් කරන්න.
    • පිටි ටික ඔක්කොම එකට කලවම් කර ගත්තාට පස්සේ වයිට් චොක්ලට් ටික එකතු කර ගන්න.
    • දැන් මේ මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා (8" x 8") 180C උෂ්ණත්වයක ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 20 - 25 විතර බේක් කර ගන්න.
    • බේක් කර ගත්තාට පස්සේ මේක ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.
    Brown Butter Blondies
    Brown Butter Blondies
    Brown Butter Blondies
    Brown Butter Blondies
    Brown Butter Blondies

    Contact DailyLife.lk

    or drop an E-Mail to