ඔයාලා මේ විදිහට දෙල් හදලා තියනවාද?

දෙල් නම් ඔයාලා ඕනේ තරම් කාලා ඇති. බලන්නකෝ ඔයාලා මේ විදිහට දෙල් උයලා කාලා තියනවාද කියලා?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දෙල් - 700g
  • තලපත් මාළු - 500g
  • හීනියට කපා ගත් ළුණු - 60g
  • අමු මිරිස් - 02
  • රම්පේ - අගලක කෑල්ලක්
  • කුරුදු - අගලක කෑල්ලක්
  • කරපිංචා
  • උළු හාල් - තේ හැඳි 1/2
  • තලා ගත්ත සුදු ලුණු බික් - 6-7
  • කහ කුඩු - තේ හැඳි 01
  • මිටි පොල් කිරි - කෝප්ප 01
  • දිය පොල් කිරි - කෝප්ප 1 1/2
  • රස පදමට ලුනු
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • දෙහි යුෂ - තේ හැඳි 01
  • අබ පේස්ට් - තේ හැඳි 01
  • තුනපහ කුඩු - තේ හැඳි 01
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

  • මුලින්ම හොඳට සෝදලා කෑලි කපා ගත්ත මාළු ටික භාජනෙකට දාලා ඒකට දෙහියි, ලුනුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරලා මාළු ටිකට පහේ ටික අල්ලගන්නකම් පැය භාගයක් විතර තියලා තියන්න. ඔයාලා මේකට තලපත් හරි කෙලවල්ලෝ හරි අර ගන්න.
  • දැන් මේ මාළු ටික හොඳට රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගන්න.
  • ඊළගට සුද්ද කරලා කෑලි කපා ගත්ත දෙල් ටික අතිලියකට දාලා ඒකට කපා ගත්ත ළුනුයි, අමු මිරිසුයි, රම්පේ කරපින්චයි, කුරුදු පොතුයි දා ගන්න.
  • මේකටම ලුනුයි, ගම්මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි,උළු හාලුයි, තලා ගත්ත සුදු ළුණුයි, අබ පේස්ට් ටිකයි දා ගන්න.
  • දැන් මේකට දිය පොල් කිරි ටික දාලා හොඳට කලවම් කරලා දෙල් ටික තම්බෙනකන් ලිපේ තියලා උයා ගන්න.
  • දෙල් ටික හොඳට තැම්බුනාට පස්සේ කලින් බැද ගත්ත මාළු කෑලි ටිකයි, මිටි කිරි ටිකයි දා ගන්න.
  • පොල් කිරි ටික හොඳට ඉදෙනකන් මේක තව ටිකක් වෙලා උයා ගෙන ලිපෙන් බා ගන්න.
  • ජාති දෙක තුනක් හදන්න කම්මැලි දවසට එහෙම මේ වගේ දෙයක් හදා ගත්තොත් හොඳටම ඇති.
Breadfruit curry with fish
Breadfruit curry with fish
Breadfruit curry with fish
Breadfruit curry with fish
Breadfruit curry with fish

Contact DailyLife.lk

or drop an E-Mail to