බ්ලූබෙරි දාලා හදන රසම කේක් එක

ඔයාලට ගෙදර තේ වෙලාවකට කන්න හරි එහෙමත් නැත්නම් කොහේ හරි අරන් යන්න හරි මේ බ්ලුබෙරි දාලා හදන කේක් එක නියම කේක් එකක්. මේ රෙසිපි එක ඔයාලට තියන පලතුරු වල හැටියට වෙනස් කර ගන්න පුළුවන්. මේකේ බ්ලුබෙරි වෙනුවට ඔයාලට ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි එහෙමත් අර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • ලුනු සහිත බටර් - 80g
  • සීනි - 80g
  • බිත්තර - 03
  • නැවුම් කිරි - කෝප්ප 1/4
  • වැනිලා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • පාන් පිටි - 165g
  • නැවුම් බ්ලූබෙරි - 200g

අවශ්‍ය ද්‍රව්‍ය: ක්‍රම්බල් ටොපින්

  • පාන් පිටි - 85g
  • ලුනු සහිත බටර් - 55g
  • දුඹුරු සීනි - 50g
  • කුරුදු කුඩු - තේ හැඳි ¼

අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීමට

  • අයිසින් සීනි

සාදන ක්‍රමය:

  • ක්‍රම්බල් ටොපින් එක හදා ගන්න පිටියි, සීනියි, කුරුදු කුඩු ටිකයි එකට දාලා කලවම් කරන්න. දැන් මේකට බටර් ටික දාලා මිශ්‍රණය පොඩි වැලි කැට වගේ ගානට එනකන් පිටි ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න.
  • කේක් බැටර් එක හදා ගන්න වෙනමම ටිකක් ලොකු බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කරන්න. මේ බටර් ටිකේ පාට අඩු වෙලා හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • ඊළගට මේකට බිත්තර එකින් එක දදා බීට් කරන්න.
  • බිත්තර ටික හොඳට බීට් කර ගත්තාට පස්සේ මේකට වැනිලා ටිකයි නැවුම් කිරි ටිකයි දා ගන්න.
  • වෙනමම පොඩි බෝල් එකක පිටියි බේකින් පවුඩර් ටිකයි කලවම් කරලා මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට දදා කලවම් කරන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ බ්ලුබෙරි වලින් භාගයක් මේ බැටර් එකට දාලා කලවම් කර ගන්න.
  • ඊළගට මේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දාගෙන ඒකට උඩින් ඉතුරු බ්ලුබෙරි ටිකත් දා ගන්න.
  • දැන් මේකට උඩින් කලින් හදා ගත්ත ක්‍රම්බල් ටොපින් එක දාගෙන මේ කේක් එක විනාඩි 40ක් විතර 180C ක උෂ්ණත්වයක ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්තාට පස්සේ කේක් එක විනාඩි 15ක් විතර නිමෙන්න තියලා මේකට උඩින් අයිසින් සීනි ටිකක් ඉහලා ලස්සන කර ගන්න.
  • Blueberry Crumble Cake
    Blueberry Crumble Cake
    Blueberry Crumble Cake
    Blueberry Crumble Cake
    Blueberry Crumble Cake
    Blueberry Crumble Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to