බ්ලූබෙරි දාලා හදන රසම කේක් එක
ඔයාලට ගෙදර තේ වෙලාවකට කන්න හරි එහෙමත් නැත්නම් කොහේ හරි අරන් යන්න හරි මේ බ්ලුබෙරි දාලා හදන කේක් එක නියම කේක් එකක්. මේ රෙසිපි එක ඔයාලට තියන පලතුරු වල හැටියට වෙනස් කර ගන්න පුළුවන්. මේකේ බ්ලුබෙරි වෙනුවට ඔයාලට ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි එහෙමත් අර ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- ලුනු සහිත බටර් - 80g
- සීනි - 80g
- බිත්තර - 03
- නැවුම් කිරි - කෝප්ප 1/4
- වැනිලා - තේ හැඳි 01
- බේකින් පවුඩර් - තේ හැඳි 02
- පාන් පිටි - 165g
- නැවුම් බ්ලූබෙරි - 200g
අවශ්‍ය ද්‍රව්‍ය: ක්‍රම්බල් ටොපින්
- පාන් පිටි - 85g
- ලුනු සහිත බටර් - 55g
- දුඹුරු සීනි - 50g
- කුරුදු කුඩු - තේ හැඳි ¼
අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීමට
- අයිසින් සීනි