ගමේ රසට ඌරු මස්

ඔයා සැබවින්ම ශ්‍රී ලාංකීය ගමේ ආහාර රසයට ආදරය කරන කෙනෙක් නම්, මේ කලු ඌරු මස් කරිය හදන විදිහ ඔයාලට ගොඩක්ම වැදගත් වේවි. කටට සැරට හදා ගත්ත මේ ඌරු මස් කරියත් එක්ක ඕනෙම දෙයක් රසට කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඌරු මස් - කිලෝ 01 (තෙල් කෑලි සමග උරහිස හෝ කකුල් ප්‍රදේශය)
  • රෝස් කර ගත්ත තුන පහ කුඩු - තේ හැඳි 02
  • අමු මිරිස් - 01
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • රෝස් කර ගත්ත මිරිස් කුඩු - තේ හැඳි 02
  • රස පදමට ලුනු
  • කුරුදු පොතු - 01
  • ඉගුරු - අගලක කෑල්ලක්
  • සේර - අගලක කෑල්ලක්
  • කරපිංචා - ඉති 02
  • කපා ගත්ත ලොකු ළුණු - 01
  • සුදු ළුණු - බික් 5-6
  • විනාකිරි - තේ හැඳි 01
  • කරදමුංගු - 02
  • කරාබු නැටි - 02
  • රස පදමට ගම්මිරිස් කුඩු
  • තෙල් - මේස හැඳි 02
  • වතුර - කෝප්ප ½

How to cook:

  • මුලින්ම හොදට සෝදලා තරමක කෑලි වලට කපා ගත්ත ඌරු මස් ටික ඔයාලා මේක හදන භාජනයට දා ගන්න. ඔයාලට මේකට තෙල් කෑලිත් එක්කම තියන උරහිස හෝ කකුල් ප්‍රදේශය අර ගන්න පුළුවන්.
  • ඒකටම බැදගත්ත මිරිස් කුඩු ටිකයි, ලුනුයි, බැදපු තුනපහ කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරලා මේ තුනපහ ටික හොඳට මස් කෑලි වලට අල්ලා ගන්නකම් විනාඩි 30ක් විතර වහලා තියන්න.
  • ඊළගට පෑන් එකක තෙල් ටිකක් රත් කරලා ඒකට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩි දෙකක් විතර මේ ටික මලවා ගන්න.
  • දැන් මේකටම කරපින්චයි, කරදමුංගු කරාබු නැටියි, සේරයි, ඉඟුරු සුදු ළුණුයි, කුරුදු ටිකයි දාලා තවත් විනාඩි දෙක තුනක් විතර හොඳට සුවද එනකන් උයා ගන්න.
  • කපා ගත්ත අමු මිරිස් ටිකයි විනාකිරි ටිකයිත් දා ගන්න. ඔයාලට මේකට විනාකිරි වෙනුවට සියඹලා අර ගන්නත් පුළුවන්. මේ දෙකෙන්ම කරන්නේ මස් ටික ටිකක් මෙලෙක් කරන එක.
  • අන්තිමටම තුනපහත් එක්ක කලවම් කර ගත්ත මස් ටිකයි වතුර පොඩ්ඩකුයි දාලා මේ ටික හොඳට කලවම් කරන්න.
  • දැන් අපි මේක විනාඩි 30ක් 40ක් විතර මද ගින්දරේ මස් ටික හොඳට තැම්බෙනකන් උයා ගන්න ඕනේ. උයන අතරතුරේදී ඔයාලගේ රස පදමට ලුනු ඇතිද කියලා බලලා මදි නම් තව ටිකක් දා ගන්න.
  • මේ මස් ටික බත්, ඉදි ආප්ප, පාන් වගේ ඕනෙම දෙයක් එක්ක රසට කන්න පුළුවන්.
  • Black Pork Curry
    Black Pork Curry
    Black Pork Curry
    Black Pork Curry
    Black Pork Curry
    Black Pork Curry

    Contact DailyLife.lk

    or drop an E-Mail to