දැක්ක ගමන් කන්න හිතෙන බ්ලැක් ෆොරස්ට් කේක්

බ්ලැක් ෆොරස්ට් කේක් කියන්නේ ජර්මන් අතුරුපසක්. චෙරි රසයි චොක්ලට් රසයි එකට එකතු උන, හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් විපින් ක්‍රීම් එකකින් හැඩ උන මේ කේක් එක ඕනෙම වෙලාවකට ගැලපෙන හරිම රස කේක් එකක්. මේ කේක් එක හදා ගන්න ටිකක් වැඩිපුර වෙලාවක් ගියාට කේක් එක හදා ගත්තාට පස්සේ නම් ඔයාලට හරිම ආසා හිතෙයි.

බ්ලැක් ෆොරස්ට් කේක් එකේ ප්‍රධානතම අමුද්‍රව්‍යක් තමයි චෙරි බ්‍රැන්ඩි. හැබැයි චෙරි බ්‍රැන්ඩි දැම්මොත් එහෙම පොඩි අයට දෙන්න බැරි නිසා අපි අද මේ කේක් එක හදන්නේ චෙරි බ්‍රැන්ඩි වෙනුවට හරිම ලේසි චෙරි සිරප් එකක් එක්ක.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • පාන් පිටි - 200g
  • කොකෝවා පවුඩර් - 50g
  • කුඩු කර ගත්ත සීනි - 250g
  • බටර් - 250g
  • බිත්තර - 04
  • නැවුම් කිරි - මේස හැඳි 02
  • බේකන් පවුඩර් - තේ හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01
  • ක්ෂණික කෝපි - තේ හැඳි ½

අවශ්‍ය ද්‍රව්‍ය: චෙරි සිරප් සඳහා

  • සීනි - මේස හැඳි 02
  • පොඩියට කපා ගත්ත චෙරි - 40g
  • වතුර - කෝප්ප ½

අවශ්‍ය ද්‍රව්‍ය: විපින් ක්‍රීම් ෆ්රෝස්ටින් සඳහා

  • විපින් ක්‍රීම් - 300ml
  • අයිසින් සීනි - මේස හැඳි 02

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සඳහා

  • ඩාර්ක් චොක්ලට් - 100g
  • විපින් ක්‍රීම් - 30ml

අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීමට

  • චෙරි - 120g

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර සුදු මද ටික හොඳට පුළුන් වගේ වෙනකන් බීට් කර ගෙන පැත්තකින් තියා ගන්න.
  • ඊළගට බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා ඒ ටිකත් හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට බිත්තර කහ මද එකින් එක දදා බීට් කරන්න.
  • බිත්තර ටිකත් හොඳට බීට් උනාට පස්සේ වැනිලා ටිකයි කෝපි ටිකයි එකතු කර ගන්න.
  • ඊළගට වෙනමම පොඩි බෝල් එකක පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කරගෙන මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.
  • ඊළගට මේකටම කිරි ටිකත් එකතු කර ගන්න.
  • අන්තිමට අපි කලින් හදා ගත්ත බිත්තර සුදු මද ටික හෙමින් සැරේ මේකට දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දාගෙන විනාඩි 35ක් 40ක් විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙනකන් අපිට පුළුවන් චෙරි සිරප් එක හදා ගන්න. ඒකට පොඩි පෑන් එකකට කපා ගත්ත චෙරි ටිකයි, සීනියි, වතුරයි දාලා උණු කර ගන්න. මේක ගොඩක් වෙලා උණු කරන්න ඕනේ නෑ. සීනි ටික හොඳට දිය වෙලා වටෙන් බුබුළු දාන ගානට උණු කලහම ඇති.
  • හදා ගත්ත චෙරි සිරප් එක පෙරලා කෑලි ටික අයින් කර ගෙන හොඳටම නිමෙන්න තියන්න. ඔයාලට ඉක්මනට මේක නිමා ගන්න ඕනේ නම් ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා ගත්තත් කමක් නෑ.
  • ඊළගට කේක් එක මැද්දෙන් තියන්න චෙරි ටිකක් දෙකට මැදින් කපලා ඇට ටික අයින් කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක හොඳටම නිමුනාට පස්සේ මේක හරස් අතට දෙකට මැදින් කපලා කෑලි දෙකකට වෙන් කර ගන්න. ඔයාලට කැමති නම් කේක් එක බේක් කරන්න කලින් බැටර් එක සමාන කොටස් දෙකකට හරි තුනකට හරි බෙදලා වෙනමම බේකින් ට්‍රේ වල බේක් කර ගන්නත් පුළුවන්.
  • ඊළගට අපි විපින් ක්‍රීම් ෆ්රෝස්ටින් එක හදා ගම්මු. ඒකට මුලින්ම ක්‍රීම් ටික බෝල් එකකට දාගෙන ටිකක් වෙලා බීට් කරන්න. මේ ක්‍රීම් එක බීට් කරන්න ගන්න බෝල් එකයි බීටර් දෙකයි ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා අර ගන්න. එතකොට ක්‍රීම් ටික එක පාරට බටර් වෙන්නේ නැතුව ටිකක් වැඩි වෙලාවක් බීට් කර ගන්න පුළුවන්.
  • විපින් ක්‍රීම් ටික ටිකක් බීට් උනාට පස්සේ ඒකට අයිසින් සීනි ටික දාලා හොඳටම පීක්ස් එනකන් තව ටිකක් වෙලා බීට් කරන්න.
  • දැන් අපි එක කේක් ලේයර් එකක් අරගෙන ඒකට උඩින් හැම තැනටම හදා ගත්ත චෙරි සිරප් එක දා ගන්න. ඊළගට විපින් ක්‍රීම් එකෙන් භාගයක් මේකට උඩින් දාගෙන කපා ගත්ත චෙරි ටිකත් ඒකට උඩින් තියා ගන්න.
  • දැන් අනිත් කේක් ලේයර් එක මේකට උඩින් තියා ගෙන ඉතුරු විපින් ක්‍රීම් ටිකෙන් ඔයාලා කැමති විදිහකට කේක් එක කවර් කරගෙන විපින් ක්‍රීම් එක ටිකක් සෙට් වෙනකන් කේක් එක ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියන්න.
  • දැන් අපි කේක් එක උඩින් දාන චොක්ලට් මිශ්‍රණය හදා ගම්මු. එකට අපිට හරිම ලේසියෙන් චොක්ලට් ටිකට විපින් ක්‍රීම් ටිකක් දාලා ඒක මයික්‍රෝවේව් එකක දිය කර ගන්න පුළුවන්.
  • දැන් මේ හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය ඔයාලගේ කේක් එකට උඩින් දා ගන්න. මේ චොක්ලට් මිශ්‍රණය කේක් එකට දාගන්න කලින් චොක්ලට් ටික හොඳටම නිමිලා තියෙන්න ඕනේ. නැත්නම් එහෙම විපින් ක්‍රීම් ටික දිය වෙයි.
  • අන්තිමටම ඔයාලා කැමති විදිහට මේකට උඩින් චෙරි ටිකක් තියලා කේක් එක ලස්සන කර ගන්න.
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake
Black Forest Cake

Contact DailyLife.lk

or drop an E-Mail to