කරවිල සම්බෝල

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් තමයි කරවිල සම්බෝල කියන්නේ. මෙය පහසුවෙන් හා ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වෙනවා. කරවිල වල තියෙන තිත්ත රස නිසා සමහරු කරවිල කන්න කැමති නැහැ. ඔබ මේ ආකාරයට කරවිල සම්බෝලයක් විදියට හදලා කෑවොත් ඔබට තිත්ත රසයක් දැනෙන්නේ නැහැ. ඔබේ දිවා ආහාර වේල තවත් රසවත් කරාවි කරවිල සම්බෝලයක් එකතු කර ගත්තොත්. ඔබත් උත්සාහ කරලා බලන්නකෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කරවිල 250 g
  • ලොකු ලූනු ගෙඩි 01
  • අමු මිරිස් කරල් 02 - 03
  • තක්කාලි ගෙඩි 01 - 02
  • දෙහි යුෂ
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
  • කරවිල බැදීමට තෙල්
  • උම්බලකඩ කුඩූ තේ හැදි 02 - 03

සාදන ආකාරය:

  • කරවිල හොඳින් සෝදා ඇට ඉවත්කර ගන්න.
  • කරවිල සිහින්ව ලියාගන්න.
  • ලූනු , අමු මිරිස් , තක්කාලි සිහින්ව කපාගන්න.
  • කපාගත් කරවිල ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැඳගන්න.
  • Bowl එකකට ලුණු , අමු මිරිස්, තක්කාලි එකතු කර මිශ්‍ර කරන්න.
  • ලුණු කුඩු කහ ගම්බිරිස් කුඩු ඔබේ රස අනුව එකතු කරන්න.
  • ඉහත මිශ්‍රණයට කරවිල එකතු කරන්න. කලවම් කරන්න.
  • රසය වැඩිකර ගැනීම සඳහා දෙහි යුෂ එකතු කරන්න.
  • හොඳින් මතක තියාගන්න කරවිල ටික දා ගන්න ඕනේ අපි කන්න යන වෙලවටමයි. වේලාසන එය සකස් කර තිබුණහොත් කරවිල පෙඟිලා ක්‍රිස්පි ගතිය නැතිවෙලා යනවා.
  • ඔබ කැමතිනම් පිළිගන්වන විට සලාද කොළ කිහිපයක් තියලා ලස්සන කරගන්න.

වැදගත්:

  • ඔබ කරවිල බැදගෙන තියාගෙන ආහාර ගැනීමට සූදානම් වන අවස්ථාවේ ලුණු සම්බෝල සමඟ මිශ්‍ර කර ආහාරයට ගන්න. සුළං නොවදින සේ බෝතලයක අසුරා තැබීමෙන් ඔබට බැදපු කරවිල දවස් කිහිපයක් වුවත් තියා ගත හැකි වෙනවා.
  • කරවිල බදින විට ප්‍රමාණය අඩුවන බැවින් විශාල පිරිසකට ආහාර සකස් කිරීමේදී ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to