නත්තලට රසම රස බිස්කොටි

වියළි පලතුරු හා ඇට වර්ග දාලා හදන මේ බිස්කොටි එක නත්තලට හදා ගන්න පුළුවන් රස කෑමක්. බිස්කොටි මුලින්ම හදලා තියෙන්නේ ඉතාලියේ. හැබැයි දැන්නම් මේ කෑම ලෝකේ ගොඩක් රටවල් වල හරිම ජනප්‍රියයි.

අවශ්‍ය ද්‍රව්‍ය: 20-25 ප්‍රමාණයක් සඳහා

  • කාමර උෂ්ණත්වයේ බටර් - 120g
  • සීනි - 100g
  • බිත්තර - 02
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 1/2
  • වැනිලා - තේ හැඳි 1
  • රට ඉදි - 75g
  • වියළි මිදී - 75g
  • කජු - 75g
  • පාන් පිටි - 160g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කජු ටිකයි රට ඉදි ටිකයි පොඩි කෑලි වලට කපා ගන්න.
  • බටර් ටිකයි සීනි ටිකයි බෝල් එකකට දාලා ක්‍රීම් ගතියට එනකන් හොඳට කලවම් කරන්න.
  • දැන් මේකට බිත්තර සහ වැනිලා දා ගන්න.
  • පිටි සහ බේකින් පවුඩර් බටර් මිශ්‍රණයට දා ගන්න.
  • අන්තිමට කපා ගත්ත වියලි පලතුරු හා ඇට ටික දා ගන්න.
  • දැන් මේ ටික බේකින් ට්‍රේ එකකට දාගෙන ටිකක් ලොකු දිග ලෝෆ් දෙකක් හදා ගන්න. ස්පචුලා එකක පිටි ටිකක් ගාලා මේ ලෝෆ් දෙක ලස්සනට වටෙන් ශේප් කර ගන්න.
  • දැන් මේක විනාඩි 25ක් විතර 180C ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කරන්න.
  • බේක් කර ගත්තාට පස්සේ මේක පැය 1/2ක් විතර නිමෙන්න තියලා අගල් 1/2 සයිස් එකට දිගටි චතුරශ්‍ර හැඩේ කෑලි වලට කපා ගන්න.
  • දැන් මේ කපා ගත්ත කෑලි ටික ආයෙත් ඇතුල් පැත්ත උඩට හිටින්න තියලා තවත් විනාඩි 15-17ක් විතර බේක් කරන්න. මේ විදිහට දෙපාරක් බේක් කලහම තමයි මේ බිස්කොටි ටික ලස්සනට රසට එන්නේ.
  • ඔයාලට කැමති නම් මේ බිස්කොටි එක ඔයාලගේ තේ එකේ පොගවල උනත් රස බලන්න පුළුවන්.
  • Fruit & Nut Biscotti
    Fruit & Nut Biscotti
    Fruit & Nut Biscotti
    Fruit & Nut Biscotti
    Fruit & Nut Biscotti

    Contact DailyLife.lk

    or drop an E-Mail to