හාල්මැස්සෝ දාලා රසට බීට් රූට් කරියක් හදමු
ලංකාවේ ඉන්න අපි බීට් රූට් කරියක් නොකාපු කෙනෙක් නෑනේ. හැබැයි ඔයාලා මීට කලින් හාල්මැස්සෝ දාලා බීට්රූට් හදලා තියනවද?
අවශ්‍ය ද්‍රව්‍ය
- බීට් රූට් - 300g
- හාල්මැස්සෝ - 50g
- අමු මිරිස් - 02
- රතු ළුණු - 08 - 10
- කරපිංචා
- කහ කුඩු - තේ හැඳි 01
- මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
- තුන පහ කුඩු - තේ හැඳි 02
- ලුනු - තේ හැඳි 01
- උළු හාල් - තේ හැඳි 1/2
- පොල් කිරි - කෝප්ප 02
සාදන ක්‍රමය
- බීට් රූට් ටික හොඳට සුද්ද කරලා අරගෙන කෑලි වලට කපා ගන්න.
- අමු මිරිස්, රතු ළුණු පොඩියට කපලා දාගන්න.
- හොඳට සෝදා ගත්ත හාල්මැස්සෝ ටික දාගන්න.
- පොල් කිරි ටික දාගන්න.
- උළු හාල්, ලුනු, තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා කරපිංචා දමා හොඳට කලවම් කරන්න.
- මේ කරි එක විනාඩි 10-15ක් විතර ලිපේ තියලා උයාගන්න.
- රස පදමට ලුනු අඩු වැඩි කර ගන්න.