කවුද අකමැති චීස් කේක් කන්න

අපි අද හදන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ චීස් කේක් එකක්. මේ චීස් කේක් එක ඇතුල හරිම ක්‍රීම් කස්ටර්ඩ් පුඩින් එකක වගේ පෙනුමක් තමයි තියෙන්නේ. කේක් එක පිටත සහ උඩ ටිකක් පිච්චුන ගතියක් තමයි තියෙන්නේ. මේ ඇතුලත සහ පිටත පෙනුම මේ චීස් කේක් එකටම ආවේනික උන දෙයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ක්‍රීම් චීස් (කාමර උෂ්ණත්වයේ) - 350g
  • සීනි - 100g
  • ලුනු - තේ හැඳි 1/2
  • බිත්තර (කාමර උෂ්ණත්වයේ) - 02
  • වැනිලා - තේ හැඳි 01
  • විපින් ක්‍රීම් - 180ml
  • පාන් පිටි - 15g

සාදන ක්‍රමය:

  • මුලින්ම කේක් එක බේක් කරන බේකින් ට්‍රේ එකේ බටර් හරි තෙල් ටිකක් හරි ගාලා ඒකට පාර්ච්මන්ට් ශීට් දෙකක් .දා ගන්න. මේ ශීට් එක බේකින් ට්‍රේ එකෙන් අගල් දෙකක් විතර උඩට එන්න දා ගන්න.
  • වෙනමම ටිකක් ලොකු බෝල් එකක ක්‍රීම් චීස් ටිකයි, සීනියි, ලුනුයි හොඳට සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට බිත්තර එකින් එක දා ගන්න.
  • ඊළගට වැනිලා ටික එකතු කර ගන්න.
  • මිශ්‍රණය බීට් කරන ගමන්ම විපින් ක්‍රීම් ටික එකතු කර ගන්න.
  • අන්තිමටම පිටි ටික දාලා අඩු ස්පීඩ් එකේ බීට් කරන්න.
  • දැන් කලින් ලෑස්ති කර ගත්ත බේකින් ට්‍රේ එකට (8" x 2") මේ කේක් මිශ්‍රණය දා ගෙන විනාඩි 55ක් 60ක් විතර 200C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක මේ කේක් එක බේක් කර ගන්න.
  • කේක් එක උඩ හොඳටම රන්වන් පාට වෙනකන් කේක් එක බේක් කර ගන්න ඕනේ. බේක් කරද්දී කේක් එක උඩ ඉක්මනටම පිච්චිලා ගියොත් එහෙම ඇලුමිනියම් ෆොඉල් එකකින් වහලා ඉතුරු ටික බේක් කර ගන්න.
  • කේක් එක අවන් එකෙන් එලියට ගත්ත ගමන්ම ටිකක් ජෙලි වගේ ඇතුල හෙල්ලෙන ගතියක් තියනවා. එහෙම කියලා ඔයාල මේක වැඩිපුර බේක් කරන්න යන්න එපා. කේක් එක නිමෙනකොට ඒක හරියනවා.
  • කේක් එක හොඳටම නිමුනාට පස්සේ කෑලි වලට කපලා පිළිගන්වන්න.
  • Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake
    Basque Burnt Cheesecake

    Contact DailyLife.lk

    or drop an E-Mail to