කෙසෙල් වලින් පෑන් කේක්

කෙසෙල් දාලා හදන පෑන් කේක් ලෝකයේ ගොඩක් රටවල් වල හරිම ජනප්‍රිය කෑමක්. තේ වෙලාවට කන්න වගේම පොඩි බබාලට ඉස්කෝලේ ගෙනියන්නත් මේක හොඳ කෑමක්. මේ දාලා තියන ප්‍රමාණ වලින් අපිට පෑන් කේක් 20ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ටින් කිරි - මේස හැඳි 03
  • පාන් පිටි - 200g
  • අයිසින් සීනි - 80g
  • බිත්තර - 02
  • නැවුම් කිරි - 275ml
  • දිය කරගත්ත බටර් - මේස හැඳි 03
  • වැනිලා - තේ හැඳි 01
  • කෙසෙල් පියුරි - 150g
  • ලුනු - තේ හැඳි 1/2
  • සාදන ක්‍රමය:

    • බිත්තර ටික බෝල් එකකට දාලා ටිකක් වෙලා බීට් කර ගන්න.
    • බීට් කර ගත්ත බිත්තර වලට ටින් කිරි ටිකයි, නැවුම් කිරි ටිකයි දා ගන්න.
    • ඊළගට දිය කරගත්ත බටර් ටිකයි ලුනුයි, වැනිලා ටිකයි දා ගන්න.
    • දැන් අපි කෙසෙල් ගෙඩි ටික හොඳට බ්ලෙන්ඩර් කර ගෙන ඒ ටිකත් මේ බැටර් එකටම දා ගම්මු.
    • අන්තිමට අයිසින් සීනි ටිකයි, පිටි ටිකයි, මේ මිශ්‍රණයට එකතු කර ගන්න. මේ මිශ්‍රණය ගොඩක් වතුර ගතියට නැතුව ටිකක් ඝනකමට හදා ගන්න.
    • බැටර් එක හදා ගත්තාට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට මේ බැටර් එකෙන් ටික ටික දදා පෑන් කේක් ටික හදා ගන්න.
    • පෑන් කේක් එකේ එක පැත්තක් විනාඩි 2ක් විතර උයාගෙන අනිත් පැත්ත හරවා ගන්න. ඒ පැත්තත් විනාඩියක් දෙකක් උයා ගන්න.
    • එක පෑන් කේක් එකක් හදලා ඉවර වෙලා ඔයාලගේ රස පදමට ලුනු ඇතිද කියලා බලන්න. මදි නම් තව ලුනු ටිකක් දාගෙන ඔක්කොම පෑන් කේක් ටික මේ විදිහට හදා ගන්න.
    Banana Pan Cakes
    Banana Pan Cakes
    Banana Pan Cakes
    Banana Pan Cakes
    Banana Pan Cakes
    Banana Pan Cakes

    Contact DailyLife.lk

    or drop an E-Mail to