ඉදුණු කෙසෙල් වලින් රසම රස කේක් එකක්

ඔයාලගේ ගෙදර ඉදිලා වැඩි උන කෙසෙල් තියනවානම් එහෙම මීට පස්සේ ඒවා විසි කරන්න එපා. ඉදුණු කෙසෙල් වලින් හදා ගන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි මේ තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කේක් පිටි - 230g
  • මාගරින් - 230g
  • සීනි - 230g
  • බිත්තර - 03
  • ඉදුණු කෙසෙල් - 230g
  • බනානා එසෙන්ස් / වැනිලා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 ½

සාදන ක්‍රමය:

  • පිටි වලට බේකින් පවුඩර් ටික දාලා කලවම් කර ගන්න.
  • ඊලගට කෙසෙල් ගෙඩි ටිකේ ලෙල්ල ඇරලා අරගෙන ඒ ටික හොඳට බීට් කර ගන්න. මේ කේක් එකට කෙසෙල් ගනිද්දී හොඳට ඉදුණු කෙසෙල් අර ගන්න.
  • දැන් සාමාන්යෙන් බටර් කේක් හදන විදිහට සීනියි මාගරිනුයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • ඊලගට මේ මිශ්‍රණයට බිත්තර එකින් එක දදා බීට් කර ගන්න.
  • දැන් මේකට වැනිලා ටික එකතු කර ගන්න.
  • ඊළගට බීට් කර ගත්ත කෙසෙල් දා ගන්න.
  • දැන් මේකට පිටි ටික ටික දදා හොඳට කලවම් කර ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ මේ කේක් එක බේකින් ට්‍රේ එකකට දාලා 180 ක උෂ්ණත්වයක ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
  • මේ වගේ බනානා කේක් එකක් සාමාන්‍ය බටර් කේක් එකකටත් වඩා හරිම රසයි. හැබැයි ඉතින් මේකට කෙසෙල් දාලා තියන හින්දා හොදක් කල් තියා ගන්න නම් අමාරුයි.
Banana Cake
Banana Cake
Banana Cake
Pieces of Banana Cake
Banana Cake
Top view of Banana Cake

Contact DailyLife.lk

or drop an E-Mail to