කොස් ඇටත් එක්ක කෙසෙල් මුව කිරට උයමු

කොස් ඇට ටිකක් එහෙම දාලා උයා ගත්තහම කෙසෙල් මුව කියන්නේ හරිම රස කෑමක්. හැබැයි හරි විදිහට කෙසෙල් මුව උයා ගත්තේ නැත්නම් එහෙම මේක කන්න බැරි වෙනවා. මේ තියෙන්නේ රසට කෙසෙල් මුව උයන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෙසෙල් මුව - 500g
  • ලොකු ළුණු - 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • තුන පහ කුඩු - තේ හැඳි 1 1/2
  • උළු හාල් - තේ හැඳි 1/2
  • සියඹලා - 02
  • අමු මිරිස් - 02
  • සුදු ළුණු - බික් 03
  • පොල් කිරි - කෝප්ප 01
  • රම්පේ
  • කරපිංචා
  • ලුනු - තේ හැඳි 01
  • කුරුදු පොතු කීපයක්
  • කොස් ඇට ටිකක්
  • පොල් තෙල් - මේස හැඳි 02

සාදන ක්‍රමය:

  • කෙසෙල් මුවේ වටේ තද රතු පාටට තියන ඝනකම් කෑලි ටික ගලවලා අයින් කරන්න.
  • කෙසෙල් මුවේ කපා ගන්න කලින් ලුනු වතුරට දෙහි ටිකක් දාලා ලෑස්ති කරලා තියා ගන්න.
  • කෙසෙල් මුවේ හීනියට කපා ගෙන කපන කපන කෑලි ටික ලුනු වතුර එකට දාගන්න. කපන ටික වතුරට නොදා එළියේ තිබ්බොත් එහෙම කහට පිපෙනවා.
  • කෙසෙල් මුවේ කපලා ඉවර උනහම ඔයාලාගේ කටින් බෝර්ඩ් එකත් දෙහි ලෙල්ලක් අතුල්ලලා ඉක්මනට කහට ටික ඇර ගන්න.
  • ලුනු වතුරට දාගත්ත කෙසෙල් මුව ටික හොඳට මිරිකලා අරගෙන තව පාරක් හොඳ වතුරෙන් සෝදා ගන්න.
  • දැන් මේකට මිරිස්, කහ, ලුනු, උළු හාල්, තුනපහ ටික දා ගන්න.
  • ඊළගට සියඹලා, අමු මිරිස්, සුදු ළුණු, කරපිංචා, රම්පෙ, කුරුදු හා කපා ගත්ත ළුණු ටික දා ගන්න.
  • සුද්ද කර ගත්ත කොස් ඇට ටිකත් සෝදලා පොඩි කෑලි වලට කපලා මේකටම දා ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න.
  • අතිලියකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට කෙසෙල් මුව ටික දා ගන්න.
  • දැන් මේක වහලා විනාඩි 03ක් 04ක් විතර උයා ගන්න.
  • ඊළගට මේකට කිරි ටික දාලා කලවම් කර ගෙන සැරින් සැරේ හැඳි ගැන ගමන් ටිකක් වෙලා උයා ගන්න.
  • කොස් ඇට ටිකත් හොඳට තැම්බුනහම මේක ලිපෙන් බා ගන්න.
Banana Blossom Curry
Side View of Banana Blossom Curry
Banana Blossom Curry
Vertical view of Banana Blossom Curry

Contact DailyLife.lk

or drop an E-Mail to