ඔයාලා මීට කලින් මේ විදිහට බතල කාලා තියනවාද?
හැමදාම තම්බලා උයලා කන බතල එක වෙනසක් වෙන්නත් එක්ක මේ විදිහට බතල හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
සාදන ක්‍රමය:
- බතල ටික සුද්ද කරලා සෝදලා අරගෙන කෑලි වලට කපා ගන්න.
- බතල ටික පොඩි කරන්න පුළුවන් වෙන මට්ටමට වෙනකන් හොඳට තම්බා ගන්න.
- බතල ටික තම්බුනාට පස්සේ වතුර ටික පෙරලා අරගෙන පැත්තකින් තියා ගන්න.
- ලීක්ස් හෝ ළුණු කොළ ටික පොඩියට කපා ගන්න.
- දැන් බතල ටික හොඳට පොඩි කර ගන්න.
- මේ බතල එකට කපා ගත්ත ලීක්ස් ටිකයි චීස් ටිකයි දා ගන්න.
- ලුනු ටිකයි ගම්මිරිස් කුඩු ටිකයිත් එකතු කරන්න.
- මේ ඔක්කොම ටික එකට එකතු වෙන්න හොඳට කලවම් කරන්න.
- දැන් මේ මිශ්‍රණයෙන් පොඩි සිලින්ඩර් හැඩ හදා ගන්න.
- මේ හදා ගත්ත ටික උඩින් ඔලිව් තෙල් ටිකක් ඉහ ගන්න.
- දැන් මේ ටික 230°C ක උෂ්ණත්වයක විනාඩි 15ක් විතර බේක් කර ගන්න.
- විනාඩි 15 කට පස්සේ මේ ටික අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 15ක් 20ක් විතර බේක් කර ගන්න.
- වැඩි රසයක් සදහා උණුවෙන්ම කෑමට ගන්න.