චීස් එක්ක බේක් කරපු මැකරෝනි
හැමදාම හදන මැකරෝනි එකට වැඩිපුර චීස් ටිකක් දාලා බේක් කරලා හදලා බලමුද?
අවශ්‍ය ද්‍රව්‍ය
- මැකරෝනි - 250g
- බටර් - 56g
- පාන් පිටි - 24g
- කිරි - 480ml
- ලුනු - තේ හැඳි 1/2
- ගම්මිරිස්
- චෙඩර් චීස් - 150g
- මොසරැල්ල චීස් - 100g -මතු පිටට ඉසීමට-
- දිය කර ගත්ත බටර් - 14g
- පාන් කුඩු - 30g
- ලුනු
සාදන ක්‍රමය
- නටන උණු වතුරට ලුණු ටිකක් දාලා ඒකට පැස්ටා ටික දාන්න. පැස්ටා ටික ටිකක් සොෆ්ට් වෙනකන් විනාඩියක් දෙකක් විතර හොඳට තම්බා ගන්න.
- පැස්ටා ටිකේ උණු වතුර ටික පෙරාගෙන පැත්තකින් තියා ගන්න.
- ඔක්කොම චීස් ටික ග්‍රේට් කර ගන්න.
- බටර් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ දිය කර ගන්න.
- බටර් ටික දිය උනහම මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න.
- දැන් කිරි ටික එකතු කර ගන්න.
- ලුනුයි ගම්මිරිසුයි දාලා මේක ටික ඝන වෙනකන් කලවම් කරන්න.
- දැන් මේ පෑන් එක ලිපෙන් අරගෙන ඔක්කොම චීස් ටික දාලා කලවම් කරන්න.
- ඊළගට පැස්ටා ටිකත් දාලා කලවම් කරලා මේ ටික බේකින් පෑන් එකකට දාගන්න.
- දැන් පාන් කුඩු ටික බටරුයි ලුනුයි එක්ක කලවම් කරලා පැස්ටා ටික උඩට දාගන්න.
- දැන් මේක විනාඩි 25ක් 30ක් විතර 190°Cක උෂ්ණත්වයක බේක් කර ගන්න.