මද ගින්නේ තම්බපු බිත්තරත් එක්ක හදපු අලි ගැට පේර ටෝස්ට්

මද ගින්නේ තම්බපු බිත්තරත් එක්ක හදපු අලි ගැට පේර ටෝස්ට් එකක් ඔයාලා මීට කලින් කාලා තියනවද? මේ recipe එක හදාගන්න එක හරිම ලේසියි. ඒ වගේම තමයි මේක උදේ කෑම වෙලාවට වගේනම් ගොඩක්ම ගැලපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුදු පාන් පෙති - 02
  • අලි ගැට පේර - 01
  • බිත්තර - 02
  • බටර් ටිකක්
  • දෙහි ඇඹුල් ටිකක්
  • ගම්මිරිස් ටිකක්
  • ලුනු කුඩු ටිකක්

සාදන ක්‍රමය:

  • ඉස්සෙල්ලාම පාන් වල බටර් ටික ගාගෙන මේ පාන් ටික සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයක විනාඩි 08ක් 10ක් විතර බේක් කර ගන්න.
  • ඊලගට වතුර ටිකක් ලිපේ තියලා ඒ වතුර ටික බුබුළු දදා උණු වේගෙන එනකොට බිත්තර එක එක කඩලා හිමින් සැරේ වතුර එකට දා ගන්න.
  • මේ විදිහට හරියටම බිත්තර ටික විනාඩියක් ලිපේ තියන්න.
  • හරියටම විනාඩියකට පස්සේ ලිප නිමලා මේ භාජනේ වහන්න.
  • මේ විදිහට භාජනේ වහලා විනාඩි 05ක් තියන්න.
  • හරියටම විනාඩි 05කට පස්සේ බිත්තර ටික වතුර එකෙන් අයින් කර ගන්න. හරියටම මේ වේලාවන් වලට මේ වැඩ ටික කලොත් ඔයලාට කිසි අඩු පාඩුවක් නැතුව බිත්තර එක ගානට හදා ගන්න පුළුවන්.
  • දැන් අපි අලි ගැට පේර එක හදා ගන්න ඕනේ. මේකට අලි ගැට පේර මද ටික බෝල් එකකට දා ගෙන ඒකට දෙහි ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ හදා ගත්ත අලි පේර ටික පාන් වල ගා ගන්න.
  • ඊලගට මේ පාන් පෙති උඩින් බිත්තර එක එක තියා ගන්න.
  • බිත්තර උඩට ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩු ටිකකුයි ලුනු කුඩු ටිකකුයිත් ඉහ ගන්න.
  • මේ විදිහේ ටෝස්ට් එකක් ඔයාලත් උදේ කෑම වෙලාවකට හදලා බලන්න.
Avocado Toast with Poached Egg
Avocado Toast with Poached Egg
Avocado Toast with Poached Egg

Contact DailyLife.lk

or drop an E-Mail to