ඔයාගේ පෞද්ගලික සනීපාරක්ෂාව කාන්තාවකගේ අවධානය දිනා ගන්න තරම් ප්‍රමාණවත්ද?

අපි කවුරුත් දන්නවනේ සමහර පිරිමි අය ladies ලා තරම්ම තමන්ගේ beauty එක ගැන, appearance එක ගැන එච්චරම සැලකිලිමත් වෙන්නේ නෑ කියලා. ඒ උනාට ඔයාලා දන්නවද personal hygiene නොහොත් පෞද්ගලික සනීපාරක්ෂාව ඔයලාව healthy ව තියන්න උදව් වෙනවා විතරක් නෙමේ කාන්තාවන්ගේ අවධානය දිනා ගන්නත් උදව් වෙනවා. ඔයාලා occasional showers & shaves miss කලා කියලා කාන්තාවන් ඒ ගැන කතා නොකරනවා වෙන්න පුළුවන්. නමුත් ඔයාලාගේ personal cleanliness එක එයාලාට හරි වැදගත්. හොඳ hygiene එකක් තියා ගන්න ඔයාලාට වෙනමම අමුතුවෙන් කාලය වෙන් කරලා හරි අමාරුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමේ. ඔයාලා එදිනෙදා කරන දේවල් ගැනම පොඩ්ඩක් වැඩිපුර concentrate කළා නම් හොඳටම ඇති.

හොඳ සනීපාරක්ෂාවක් තියා ගන්න ඔයාලාට මොනවද කරන්න පුළුවන්. නියපොතු, පිරිමි අය වැඩිය අවධානය යොමු කරන්නේ නැති දෙයක්. ඒ උනාට ඔයාලාගේ නියපොතු කොච්චර clean ද කියන එක මත ඔයාලගේ hygiene එක රදා පවතිනවා. ඒක හින්දා හැමදාම නාද්දී නියපොතු යට clean කරන්න අමතක කරන්න එපා. නියපොතු යට කුණු පිරිලා, කහට බැදිලා අපිරිසිදුවට තියනවනම් opposite sex attract වෙන එක අඩු වෙනවා.

අනිත් දේ තමයි රැවුල කපන එක. මේ දවස් වල ගොඩක් අය එක එක styles වලට රැවුල කපනවනේ. සමහර girls ලා රැවුල වවපු අයට කැමතියි. සමහර අය කපපු අයට කැමතියි. රැවුල වවනවද කපනවද කියලා decide කරන්න ඕනේ තමුන්ගේ මුණට ගැලපෙන විදිහට. නමුත් සමහර අය ඉන්නවා රැවුලට ඕනේ විදිහට ඔහේ වැවෙන්න දීල ඉන්න අය. ඒ අයගේ hygiene එකේ තරමත් ඔයාලට මුණ දිහා බලපුවහම හිතා ගන්න පුළුවන්නේ.

හොඳින් දත් මදින එක තමයි අනිත් වැදගත් දේ. ඔයාලා හරියට දත් මැද්දේ නැත්නම් ඔයාලගේ කටින් දුගදක් පිට වෙන්න පුළුවන්. අපි කව්රුත් කැමති නෑනේ කට ගඳ කෙනෙක් ළඟ ඉන්න. ඒක හින්ද හොඳින් දත් මැදලා කට පිරිසිදුව තියා ගන්න. අනිත් දේ තමයි අපි ආහාරයට ගන්න ළුණු වගේ සමහර දේවල් හින්දත් කටින් දුගදක් පිට වෙන්න පුළුවන්. ඔයාලා office එකේදී හරි කොහේ හරි ගිය වෙලාවකට හරි මේ වගේ ආහාරයක් ගන්නවානම්, කාලා ඉවර උනහම හොඳින් කට හෝදන්න අමතක කරන්න එපා.

සමහර පිරිමි අය හරි අඩුවෙන් කරන දෙයක් තමයි හැම දාම තමන් ඇදපු ඇදුම් ටික හෝදන එක. ඔයාලා එක පාරක් ඇදපු ඇදුමක් හෝදන්නේ නැතුව අයෙත් ඇන්දොත් එකෙන් වැඩිපුර දහදිය ගදක් එන්න පුළුවන්. ඒ නිසා ඇදුම් හොඳින් හෝදන්න පුරුදු වෙන්න. ඒ වගේම පොඩි වෙලාවකට ඇදපු ඇදුමක් හොඳන්න ඕනේ නැහැ කියල හිතෙනවනම් එක හොඳ අව්වට දාලා වේලලා ගන්න.

කෙනෙකුගේ personal hygiene එකත් එක්ක කෙනෙක් ලඟින් එන සුවඳ රදා පවතිනවා. Studies වලින් පෙන්නලා දීල තියනවා කාන්තාවක් පිරිමි කෙනෙක්ව potential partner හැටියට consider කරන්න පිරිමි කෙනාගේ personal hygiene එක ගොඩක් බලපානවා කියලා. ඒක හින්දා පිරිමි කෙනෙකු ලඟින් එන smell එක කාන්තාවකට හරිම වැදගත්. කෙනෙකුගේ smell එකෙන් කියන්න පුළුවන් එයා healthy & strong ද නැද්ද කියලා. මේ smell එක කියන එකෙන් කියන්නේ කෙනෙකුගේ natural smell එක මිසක් cologne වලින් එන smell එක නෙමෙයි. ඔයා opposite sex එකට කොච්චර attractive ද කියන එකට smell එක ගොඩක් බලපානවා.

දැන් ඔයාලාට තේරෙනවා ඇතිනේ personal hygiene කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා. එහෙනම් ඉතින් ඔයාලට තවම girl කෙනෙක් නැත්නම් ඒ ගැන හිත හිත දුක් වේවි ඉන්න එපා. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලාගේ personal hygiene එක girl කෙනෙක් attract කර ගන්න තරම් ප්‍රමාණවත්ද කියලා. අනිත් පාර girl කෙනෙක් යාළු කර ගන්න try කරන්න කලින් personal hygiene එක පොඩ්ඩක් improve කර ගන්න බලන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to